ඛුද්දක නිකාය

ථේර ගාථා

5.1.2. සුභූතත්ථේරගාථා

5.1.2. සුභූත තෙරුන්ගේ ගාථා

320. අයෝගේ යුඤ්ජමත්තානං පුරිසෝ කිච්චමිච්ඡතෝ
චරං චේ නාධිගච්ඡෙය්‍ය තං මේ දුබ්භගලක්ඛණං

320. එයා කැමති වන්නේ යහපතයි. නමුත් තමාව යොදවා තිබෙන්නේ වැරදි පාරක. ඒ වැරදි මගේ කොයිතරම් හැසිරුණත් යහපතක් උදාකරගන්න බැහැ. ඒක තමයි අවාසනාවේ සලකුණ.

321. අබ්බූළ්හං අඝගතං විජිතං
ඒකං චේ ඔස්සජෙය්‍ය කලීව සියා
සබ්බානිපි චේ ඔස්සජෙය්‍ය අන්ධෝව සියා
සමවිසමස්ස අදස්සනතෝ

321. කෙලෙස් නැති කරන්නේ නැතිව, ඒ සඳහා තිබෙන එකම ධර්මය වන ‘අප්‍රමාදය’ අත්හැරියොත් ඒක මහා අවාසනාවක්. සියලු කුසල් දහම් අතහැරියොත් එයාට යහපත අයහපත දකින්න බැහැ. එයා අන්ධයෙක්.

322. යං හි කයිරා තං හි වදේ යං න කයිරා න තං වදේ
අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා

322. යමක් කරනවා නම් කිය යුත්තේ එයයි. නොකරන දේවල් කිය යුතු නැත. නොකරන දේ, කිය කියා සිටින කෙනාට බුද්ධිමතුන් ගරහනවා.

323. යථා’පි රුචිරං පුප්ඵං වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා අඵලා හෝති අකුබ්බතෝ

323. මල කොච්චර ලස්සන වුණත් කොයි තරම් පැහැපත් වුණත් සුවඳක් නැති නම් වැඩක් නෑ. සුභාෂිත දහම් පද කොයිතරම් කතා කළත් අනුගමනය කිරීමක් නැතිනම් වැඩක් නෑ.

324. යථා’පි රුචිරං පුප්ඵං වණ්ණවන්තං සගන්ධකං
ඒවං සුභාසිතා වාචා සඵලා හෝති පකුබ්බතෝ’ති

324. ලස්සන පැහැපත් මල වටින්නේ සුවඳ තිබුණොත් විතරයි. ඒ වගේම සුභාෂිත දහම් පද වටින්නේ අනුගමනය කරන විට විතරයි.

ඉත්ථං සුදං ආයස්මා සුභූතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුභූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M