315. මම භික්ෂුවක්. ඉතින් එදා මං අමු සොහොනට ගියා. සොහොනේ අත්හැර දමා තිබුණේ ස්ත්‍රියකගේ මළසිරුරක්. ඒ මළකුණ පුරා පණුවක් පිරී ඉතිරී තිබුණා. පණුවන් එය කා දමමින් තිබුණා.
316. මේ වගේ පාපී වූ මළකුණක් දකින කොට සාමාන්‍යයෙන් ඇතිවන්නේ පිළිකුලක්. එහෙත් මට වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මට රාගය ඇතිවුණා. අසූචි වැගිරෙන ඒ මළකුණ දිහා මං බලාගෙන සිටියේ අන්ධයෙක් වගේ.
317. බතක් ඉදෙන කාලයටත් අඩු වෙලාවකට මං එතනින් ඉවත් වුණා. ඉතා හොඳින් සිහියත් නුවණත් පිහිටුවා ගෙන පැත්තකින් වාඩිවුණා.
318. ඒ නිසා ම මා තුළ යෝනිසෝ මනසිකාරය ඇති වුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීමෙහි සිත පිහිටියා.
319. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මෙය වනාහී ආයුෂ්මත් රාජදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M