☰
299. එදා ගිහි කළ මගේ බිරිඳ, රත්තරන් ආභරණවලින් සැරසිලා සේවිකාවන් පිරිවරා ගෙන දරුවත් වඩාගෙන මා ළඟට ආවේ.
300. පුතාගේ අම්මා ඒ විදිහට ආභරණවලින් සැරසිලා ඇඳ පැළඳගෙන එනකොට, මට ඇයව පෙනුණේ මාරයා අටවපු උගුලක් වගේ.
301. ඒ තුළින්ම මට යෝනිසෝ මනසිකාරය ඉපදුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුව කලකිරීමෙහි සිත පිහිටියා.
302. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්ය බලන්න. මා ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මෙය වනාහී ආයුෂ්මත් චන්දන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M