303. ඇත්තෙන්ම ධර්මයේ හැසිරෙන කෙනාව රැකගන්න ධර්මයට පුළුවන්. යහපත් ලෙස රැස් කරගත් ධර්මය තමයි සැප ලබාදෙන්නෙ. යහපත් ලෙස ධර්මය රැස්වීමේ ආනිශංසය මේකයි. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියක යන්නෙ නෑ.
304. ධර්මයත්, අධර්මයත් යන දෙක විපාක වශයෙන් සමාන වෙන්නෙ නෑ. අධර්මයෙන් සත්වයා නිරය කරා ගෙන යනවා. ධර්මයෙන් සත්වයා සුගතිය කරා ගෙන යනවා.
305. එනිසා ධර්මයටමයි කැමති වෙන්න ඕනෙ. අකම්පිත සිත් ඇති සුගතයන් වහන්සේගේ ධර්මය ගැන සතුටු වෙන්න ඕනෙ. සුගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන ශ්‍රාවකයන්ට නුවණින් යුක්තව උතුම් සරණ ලබාගෙන නිවන කරා යන්ට පුළුවනි.
306. කාමය කියන්නෙ තුවාලයක් වගේ එකක්. ඒ කාමයේ මුල් ගලවලා දැම්මා. තණ්හා දැල සිඳ බිඳ දැම්මා. ඔහුගේ සංසාරය දැන් ඉවරයි. දැන් ඔහු තණ්හා රහිත කෙනෙක්. පෝය දවසෙ හැම දොස් රහිතව බබලන සඳක් වගේ.
මෙය වනාහී ආයුෂ්මත් ධම්මික නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M