ඛුද්දක නිකාය

ථේර ගාථා

4.1.11. සප්පකත්ථේරගාථා

4.1.11. සප්පක තෙරුන්ගේ ගාථා

307. යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා
කාළස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පලේහිති ආලයමාලයේසිනී
තදා නදී අජකරණී රමේති මං

307. ඒ කෙකිණියගේ අත් තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වළාකුලට බිය වෙලා ඇය තැති ගත්තා. ඉන්න තැනක් සොයාගෙන ඈ ඉගිලී යන වෙලාවට මේ ‘අජකරණී’ නදිය මගේ සිත ඇදගන්නවා.

308. යදා බලාකා සුවිසුද්ධපණ්ඩරා
කාළස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පරියේසති ලේණමලේණදස්සිනී
තදා නදී අජකරණී රමේති මං

308. කෙකිණියගේ අත්තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වළාකුලට බිය වෙලා ඇය තැති ගත්තා. ඇයට සැඟවෙන්න තැනක් නෑ. සැඟවෙන්න තැනක් සොයමින් ඇය පලායන කලට ‘අජකරණී’ නදිය මගේ සිත් ඇදගන්නවා.

309. කං නු තත්ථ න රමෙන්ති ජම්බුයෝ උභතෝ තහිං
සෝභෙන්ති ආපගාකූලං මම ලේණස්ස පච්ඡතෝ

309. ගංතෙර දෙපැත්තේ ජම්බු ගස් තියෙනවා. ඒවා සතුටු නොකරන්නේ කාවද? මගේ ලෙන පිටිපස්සේ තියෙන ඒ ජම්බු ගස් පළාතම ලස්සන කරනවා.

310. තා මතමදසංඝසුප්පහීනා
භේකා මන්දවතී පනාදයන්ති
නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයෝ
ඛේමා අජකරණී සිවා සුරම්මා’ති.

310. ගෙම්බන් නාද කරන්නේ ගාම්භීර විදිහට. ඒගොල්ල සර්පයන්ගෙන් බේරිලා ඉන්න නිසා වෙන්න ඇති. මේ කාලයේ කඳු ගංගා වෙන් වෙලා තියෙන කාලයක් නොවේ. ‘අජකරණී’ නදිය කියන්නේ කෙම්බිමක්. හැම අතින්ම ලස්සනයි. රමණීයයි.

ඉත්ථං සුදං ආයස්මා සප්පකෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සප්පක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M