311. ඇත්තෙන්ම මං මහණ වුණේ නැති බැරිකම නිසා. ඒ වුණාට උපසම්පදාව ලැබුණට පස්සේ මගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් අති වුණා. ගොඩක් වීරිය අරගෙන උත්සාහ කළා.
312. ඒකාන්තයෙන්ම මේ ශරීරය බිඳී යේවා! මේ මස් ගොබ විසිරීයේවා! මගේ දණහිස් දෙකෙන් මේ කෙණ්ඩා දෙක ගිලිහී යේවා!
313. මේ සිතේ තියෙන තණ්හාව නමැති හුල උදුරා දමන තාක් මම කිසිදෙයක් වළඳන්නේ නෑ. කිසිදෙයක් පානය කරන්නෙත් නෑ. මේ කුටියෙන් එළියට යන්නෙත් නෑ.
314. මං වාසය කළේ ඒ විදිහට. මගේ වීර්ය පරාක්‍රමය දෙස බලන්න. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මෙය වනාහී ආයුෂ්මත් මුදිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ගාථා හතර බැගින් වදාළ කොටස නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M