ඛුද්දක නිකාය

ථේර ගාථා

4.1.8. රාහුලත්ථේරගාථා

4.1.8. රාහුල තෙරුන්ගේ ගාථා

295. උභයේනේව සම්පන්නෝ රාහුලභද්දෝ’ති. මං විදූ
යඤ්චම්හි පුත්තෝ බුද්ධස්ස යං ච ධම්මේසු චක්ඛුමා

295. (මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්ට ලැබුණා. දැන් බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පුතා වෙන්ටත් ලැබුණා.) දෙපැත්තෙන්ම පුතෙක් වෙන්ට මට වාසනාව ලැබුණා. එනිසා නුවණැති උතුමන් වහන්සේලා ‘රාහුල භද්‍ර’ කියලා මා අමතනවා. බුදු සමිඳාණන්ගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මම දහම් ඇස ලබාගත්තා.

296. යං ච ආසවා ඛීණා යං ච නත්ථි පුනබ්භවෝ
අරහා දක්ඛිණෙය්‍යොම්හි තේවිජ්ජෝ අමතද්දසෝ

296. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවය නැතිකර ගත්තා. අරහත්වයට පත්වුණා. ලෝකයාගේ පුද සත්කාරයට සුදුස්සෙක් වුණා. ත්‍රිවිද්‍යාව ද ලැබුවා. ඒ අමා නිවන ද ලබා ගත්තා.

297. කාමන්ධා ජාලපච්ඡන්නා තණ්හාඡදනඡාදිතා
පමත්තබන්ධුනා බද්ධා මච්ඡාව කුමිනාමුඛේ

297. එනමුත් බොහෝ සතුන් කාමයෙන් අන්ධවෙලා ඉන්නේ. කෙලෙස් දැල තුළ පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට බැඳිලා ඉන්නේ. ඒ උදවිය දැලක හිරවුණ මාළුවන් වගේ.

298. තං කාමං අහමුජ්ඣිත්වා ඡෙත්වා මාරස්ස බන්ධනං
සමූලං තණ්හමබ්බුය්හ සීතිභූතෝස්මි නිබ්බුතෝ’ති.

298. මම නං ඒ කාමයන් බැහැර කළා. මාර බන්ධනය කඩා බිඳ දැම්මා. තණ්හාව මුලින්ම උදුරා දැම්මා. සිහිල් වෙලා ගියා. නිවිලා ගියා.

ඉත්ථං සුදං ආයස්මා රාහුලෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් රාහුල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M