☰
291. නුවණ නැති කෙනා ඉවසන්ට ඕනෑ තැන කලබල වෙනවා. කලබල වෙන්ට ඕනෑ තැන ඉවසනවා. අන්තිමේදී වැරදි විදිහට කටයුතු කරලා දුකට පත්වෙනවා.
292. එයාගෙ දියුණුව පිරිහී යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ. අපකීර්තියට පත්වෙලා යනවා. යහපත් මිතුරන් ද අමනාප වෙනවා.
293. නුවණ තියෙන කෙනා ඉවසන්ට ඕනෑ තැන ඉවසනවා. කලබල වෙන්ට ඕනෙ තැන කලබල වෙනවා. නුවණින් විමසා කටයුතු කරලා සැපයට පත්වෙනවා.
294. එයාගෙ දියුණුව වැඩෙන්නෙ පිරීගෙන යන සඳක් වගේ. කීර්තිය පැතිරෙනවා. යහපත් මිතුරන් අමනාප වෙන්නෙ නෑ.
මෙය වනාහී ආයුෂ්මත් සම්භූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M