287. මං ගයා තීර්ථයට ආවේ නැකත් කෙලියක් බලන්නටයි. ඇත්තෙන්ම මම ඇවිත් තියෙන්නේ නියම තැනට. එදා උතුම් වූ සදහම් දෙසමින් වැඩසිටින සම්බුදු සමිඳාණන්ව දැකගන්නට ලැබුණා.
288. උන්වහන්සේ මහා ප්‍රඥාලෝකයෙන් යුක්තයි. ශ්‍රාවක ජනයාට සැබෑම ආචාර්යවරයෙක්. තුන් ලොවටම අග්‍රයි. තුන් ලෝකයට නායකයාණන් උන්වහන්සේ තමයි. දෙව් මිනිසුන්ගේ මුනිවරයා. ඒ දර්ශනය පවා අසහාය දෙයක්.
289. මහා හස්තිරාජයෙක් වගෙයි. මහා වීරියකින් යුක්තයි. මහා තේජසකින් යුක්තයි. කෙලෙස් රහිතයි. කෙලෙස් ඇත්තේම නෑ. කිසිම ආකාරයකින් බියක් නැති මාගේ ශාස්තෘන් වහන්සේව දැක බලා ගන්නට ලැබුණා.
290. එහෙත් ඉස්සර නෙයෙක් මතවාදවලින් කිලිටි වෙලා දූෂණය වෙලා හිටිය මේ සේනකව ඒ සියලු කෙලෙස් ගැටවලින් නිදහස් කරගත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි.
මෙය වනාහී ආයුෂ්මත් සේනක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M