ඛුද්දක නිකාය

ථේර ගාථා

4.1.5. ජම්බුකත්ථේරගාථා

4.1.5. ජම්බුක තෙරුන්ගේ ගාථා

283. පඤ්චපඤ්ඤාසවස්සානි රජෝජල්ලමධාරයිං
භුඤ්ජන්තෝ මාසිකං භත්තං කේසමස්සුං අලෝචයිං

283. අවුරුදු පනස් පහක්ම නිරුවත් ශරීරයේ දූවිලි තවරාගෙනයි මං හිටියේ. මාසයකට එක වේලක් ආහාර බින්දුවක් දිව මත තියල බත් අනුභව කළා. කෙස් රැවුල් උදුරා දැම්මා.

284. ඒකපාදේන අට්ඨාසිං ආසනං පරිවජ්ජයිං
සුක්ඛගූථානි ච ඛාදිං උද්දේසං ච න සාදියිං

284. වාඩිවෙන ආසන ප්‍රතික්ෂේප කළා. තනි කකුලෙන් හිටගෙන හිටියා. වියලි අශූචි තමයි අනුභව කළේ. කිසිම ආරාධනාවක් භාරගත්තේ නෑ.

285. ඒතාදිසං කරිත්වාන බහුං දුග්ගතිගාමිනං
වුය්හමානෝ මහෝඝේන බුද්ධං සරණමාගමං

285. මේ විදිහට බොහෝ අපායගාමී පව් තමයි කළේ. කෙලෙස් සැඩ පහරේ ගිලෙමින් යද්දී බුදු සමිඳාණන් සරණ යන්ට ලැබුණා.

286. සරණාගමනං පස්ස පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

286. උතුම් තිසරණය වෙත මගේ පැමිණීම ගැන බලන්න. ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා ජම්බුකෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ජම්බුක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M