ඛුද්දක නිකාය

ථේර ගාථා

4.1.4. නන්දකත්ථේරගාථා

4.1.4. නන්දක තෙරුන්ගේ ගාථා

279. ධිරත්ථු පූරේ දුග්ගන්ධේ මාරපක්ඛේ අවස්සුතේ
නවසෝතානි තේ කායේ යානි සන්දන්ති සබ්බදා

279. ඔය ශරීරයේ පිරිලා තියෙන්නේ අශූචි. හමන්නේ දුගඳ. ඉන්නේ මාරයාගේ පැත්තේ. කෙලෙස් වෑහෙන තැනැත්තිය, ඔබට නින්දා වේවා! ඔබේ ඔය ශරීරයේ තිබෙන්නේ දොරටු නවයක්. ඒ හැම දොරටුවකින්ම අශූචි වැගිරෙනවා.

280. මා පුරාණං අමඤ්ඤිත්ථෝ මාසාදේසි තථාගතේ
සග්ගේ’පි තේ න රජ්ජන්ති කිමංග පන මානුසේ

280. ඉස්සර විදිහට විහිළුවට ගන්ට එපා! තථාගත ශ්‍රාවකයින් හා ගැටෙන්න එපා! උන්වහන්සේලාගේ සිත් තුළ දිව්‍ය සැපයටවත් ආශාවක් නෑ. මිනිස් සැපයට නොඇලීම ගැන කවර කථාද?

281. යේ ච ඛෝ බාලා දුම්මේධා දුම්මන්තී මෝහපාරුතා
තාදිසා තත්ථ රජ්ජන්ති මාරඛිත්තම්හි බන්ධතේ

281. නුවණක් නැතිව, වැරදි විදිහට හිතන, මුලාවෙන් වැඩී ගිය බොළඳ ජනයාට නම් ඔය දේවල් හොඳයි. මාරයාගේ උගුලට ඒගොල්ල ඔක්කොම හසුවෙලයි ඉන්නෙ.

282. යේසං රාගෝ ච දෝසෝ ච අවිජ්ජා ච විරාජිතා
තාදී තත්ථ න රජ්ජන්ති ඡින්නසුත්තා අබන්ධනා’ති.

282. ඒ වුණාට රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් නැති කරල දාපු කම්පා නොවෙන සිතක් තියෙන උදවිය එහෙම නෙවෙයි. තණ්හාව නමැති වර පට කඩා බිඳ දමල තියෙන නිසා ඒ උදවිය කාමයට ඇලෙන්නෙ නෑ.

ඉත්ථං සුදං ආයස්මා නන්දකෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් නන්දක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M