ඛුද්දක නිකාය

ථේර ගාථා

4.1.3. සභියත්ථේරගාථා

4.1.3. සභිය තෙරුන්ගේ ගාථා

275. පරේ ච න විජානන්ති මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති තතෝ සම්මන්ති මේධගා

275. අපි කවුරුත් මැරෙන උදවිය බව බොහෝ දෙනෙක් දන්නෙ නෑ. එහෙත් යම් කෙනෙක් තේරුම් ගත්තොත් තමනුත් මැරෙන බව එනිසාම මේ කෝලාහල සංසිඳෙනවා.

276. යදා ච අවිජානන්තා ඉරියන්ත්‍යමරා විය
විජානන්ති ච යේ ධම්මං ආතුරේසු අනාතුරා

276. මේ ඇත්ත තත්වය දන්නෙ නැති උදවිය කල්ගෙවන්නේ නොමැරෙන අය හැටියට හිතාගෙනයි. එහෙත් යමෙක් මේ යථාර්ථය දන්නවා නම්, කෙලෙසුන්ගෙන් රෝගී වෙච්ච සමාජය තුළ එයා නීරෝගීව සිටිනවා.

277. යං කිඤ්චි සිථිලං කම්මං සංකිලිට්ඨං ච යං වතං
සංකස්සරං බ්‍රහ්මචරියං න තං හෝති මහප්ඵලං

277. බොළඳ වැඩ පිළිවෙලකින්, කිලිටි මතවාද ඇති ව්‍රත සමාදානයෙන්, අපිරිසිදු බඹසරින් උසස් දියුණුවක් ලබන්ට බැහැ.

278. යස්ස සබ්‍රහ්මචාරිසු ගාරවෝ නූපලබ්භති
ආරකා හෝති සද්ධම්මා නභං පුථුවියා යථා’ති.

278. යමෙක් තුළ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ගෞරවයක් නැති නම් එයා සද්ධර්මයෙන් ඈත් වෙනවා. අහසට පොළොව වගෙයි.

ඉත්ථං සුදං ආයස්මා සභියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සභිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M