ඛුද්දක නිකාය

ථේර ගාථා

4.1.2. භගුත්ථේරගාථා

4.1.2. භගූ තෙරුන්ගේ ගාථා

271. අහං මිද්ධේන පකතෝ විහාරා උපනික්ඛමිං
චංකමං අභිරූහන්තෝ තත්ථේව පපතිං ඡමා

271. මං හිටියේ හරිම නිදිමතෙන්. කුටියෙන් එළියට ආවෙත් නිදිමතේමයි. සක්මන් කරන්ට හිතාගෙන සක්මනට ගොඩවෙද්දී, එතනම ඇදගෙන වැටුණා.

272. ගත්තානි පරිමජ්ජිත්වා පුනපාරුය්හ චංකමං
චංකමේ චංකමිං සෝහං අජ්ඣත්තං සුසමාහිතෝ

272. මං ආයෙමත් නැගිට්ටා. අත් පාවල වැලි පිස දැම්මා. සක්මනට ගොඩ වුණා. හිත හදාගෙන සක්මන් කළා. මනාකොට සිත එකඟ කරගත්තා.

273. තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජථ
ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ

273. ඒ තුළින්ම යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ප්‍රකට වුනේ සංස්කාරයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතුවම කලකිරීමෙහි සිත පිහිටියා.

274. තතෝ චිත්තං විමුච්චි මේ පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

274. මගේ සිත එනිසාම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා භගුථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් භගූ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M