ඛුද්දක නිකාය

ථේර ගාථා

4.1.1. නාගසමාලත්ථේරගාථා

4.1.1. නාගසමාල තෙරුන්ගේ ගාථා

267. අලංකතා සුවසනා මාලිනී චන්දනුස්සදා
මජ්ඣේ මහාපථේ නාරී තුරියේ නච්චන්ති නාටකී

267. ඒ තැනැත්තිය නාටිකාංගනාවක්. ලස්සනට ඇඳලා ආභරනවලින් සැරසිලා මල් මාලා පළඳගෙන හිටියේ. ඇඟ පුරාම සඳුන් කල්ක තවරාගෙන තිබුණා. මහ පාරේ තූර්යවාදන කරද්දී ඒ මැද ඇය නට නටා සිටියා.

268. පිණ්ඩිකාය පවිට්ඨෝහං ගච්ඡන්තෝ නං උදික්ඛිසං
අලංකතං සුවසනං මච්චුපාසංව ඔඩ්ඩිතං

268. මං ඒ වෙලාවෙ මහ පාරට පිවිසුණේ පිණ්ඩපාතය පිණිසයි. ලස්සනට ඇඳ පැළඳගත් ආභාරණවලින් සැරසුණ ඇයව මං දැක්කා. මට හිතුණේ ඇය මාරයා විසින් අටවපු උගුලක් වගෙයි.

269. තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජථ
ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ

269. එනිසාම මට යෝනිසෝ මනසිකාරය ඇතිවුණා. කාමයේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුවමයි, කලකිරීමෙහි සිත පිහිටියේ.

270. තතෝ චිත්තං විමුච්චි මේ පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

270. එකරුණ මුල් කරගෙන මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා නාගසමාලෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් නාගසමාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M