ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.9. යසෝජත්ථේරගාථා

3.1.9. යසෝජ තෙරුන්ගේ ගාථා

243. කාළපබ්බංගසංකාසෝ කිසෝ ධමනිසන්ථතෝ
මත්තඤ්ඤූ අන්නපානම්හි අදීනමනසෝ නරෝ

243. ඒ තැනැත්තාගේ අත්පා කලු වැල් පුරුක් වගේ. ගොඩක් කෙට්ටුයි. නහරවැල් පවා ඉලිප්පිලා තියෙනවා. හැබැයි ඒ කෙනා ආහාරයේ අර්ථය දන්නවා. ඔහුට අදීන මනසක් තියෙනවා.

244. ඵුට්ඨෝ ඩංසේහි මකසේහි අරඤ්ඤස්මිං බ්‍රහාවනේ
නාගෝ සංගාමසීසේව සතෝ තත්‍රාධිවාසයේ

244. ඔහු භාවනා කරන්ට යන්නෙ අරණ්‍යයේ මහා වනය මැදට. එහිදී ලේ බොන මැසි මදුරුවන් ඔහුව වට කරගෙන පහර දෙනවා. එතකොට ඔහු ඉතා හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද්ධ භූමියට පැමිණුන හස්තිරාජයෙක් වගේ.

245. යථා බ්‍රහ්මා තථා ඒකෝ යථා දේවෝ තථා දුවේ
යථා ගාමෝ තථා තයෝ කෝලාහලං තතුත්තරින්ති

245. තනියම වාසය කරන එක බ්‍රහ්මයෙක් වගේ. දෙන්නෙක් හිටියොත් දෙවියන් වගේ. තුන් දෙනෙක් හිටියොත් ගමක් වගේ. ඊට වැඩි වුණොත් ඉතින් කෝලාහලයක් තමයි.

ඉත්ථං සුදං ආයස්මා යසෝජෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් යසෝජ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M