☰
240. මෙහි ශ්‍රද්ධාව නැති ඤාති පිරිස වෙනුවෙන් එකම ඤාතියෙක් සිටියොත්, ශ්‍රද්ධාවන්ත වූත්, ඤාණවන්ත වූත් අන්න ඒ තැනැත්තා ධර්මයෙහි පිහිටල සිල්වත්ව ඉන්න නිසා සියලු ඤාතීන්ගේ යහපතට ඒක හේතුවෙනවා.
241. මං ඒ ඤාතීන්ට චෝදනා කළේ අනුකම්පාවෙන් මයි. ඒ උදවියත් ඤාති ප්‍රේමය නිසා මගේ අවවාදවල පිහිටියා. භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කළා.
242. මගේ මෑණියොත්, සහෝදරයනුත් කලුරිය කරල දෙව්ලොව ඉපදුණේ. දැන් ඒ උදවිය කැමැති සැප ලබාගෙන හරිම සතුටින් ඉන්නෙ.
මෙය වනාහී ආයුෂ්මත් පස්සික නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M