ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.7. වාරණත්ථේරගාථා

3.1.7. වාරණ තෙරුන්ගේ ගාථා

237. යෝධ කෝචි මනුස්සේසු පරපාණානි හිංසති
අස්මා ලෝකා පරම්හා ච උභයා ධංසතේ නරෝ

237. මේ ලෝකයේ මිනිසුන් අතර යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් එයා මෙලොව – පරලොව කියන දෙකෙන්ම පිරිහිලා යනවා.

238. යෝ ච මෙත්තේන චිත්තේන සබ්බපාණානුකම්පති
බහුං සෝ පසවති පුඤ්ඤං තේන තාදිසකෝ නරෝ

238. එනමුත් යම් කෙනෙක් මෛත්‍රී සිතකින් යුතුව හැම සතුන් කෙරෙහිම සානුකම්පිත වෙනවා නම්, අන්න ඒ තැනැත්තා ඒ නිසාම ගොඩක් පින් කරගන්නවා.

239. සුභාසිතස්ස සික්ඛේථ සමණූපාසනස්ස ච
ඒකාසනස්ස රහෝ චිත්තවූපසමස්ස චාති

239. සුභාෂිත වූ මේ සද්ධර්මය තමයි ඉගෙන ගත යුත්තේ. උතුම් ශ්‍රමණයන් වහන්සේලාවයි ඇසුරු කළ යුත්තේ. හුදෙකලාවේමයි ඔහු වාසය කරන්නේ. හිතේ සංසිඳීම පිණිසමයි හික්මෙන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා වාරණෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වාරණ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M