ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.6. ඛුජ්ජසෝභිතත්ථේරගාථා

3.1.6. ඛුජ්ජසෝභිත තෙරුන්ගේ ගාථා

234. යේ චිත්තකථී බහුස්සුතා
සමණා පාටලිපුත්තවාසිනෝ
තේසඤ්ඤතරෝයමායුමා
ද්වාරේ තිට්ඨති ඛුජ්ජසෝභිතෝ

234. පාටලීපුත්‍ර නගරයේනෙ ශ්‍රමණයන් වහන්සේලා වැඩ ඉන්නේ. ලස්සනට බණ කියන්ටත් පුළුවන්. ධර්මය පිළිබඳව හොඳ බහුශ්‍රැතභාවයකුත් තියෙනවා. විහාරයේ දොරටුව ළඟ ඉන්න ආයුෂ්මත් ඛුජ්ජසෝභිතත් ඒ ශ්‍රමණයන් අතර කෙනෙක්.

235. යේ චිත්තකථී බහුස්සුතා
සමණා පාටලිපුත්තවාසිනෝ
තේසඤ්ඤතරෝයමායුමා
ද්වාරේ තිට්ඨති මාලුතේරිතෝ

235. පාටලීපුත්‍ර නගරයේනෙ ශ්‍රමණයන් වහන්සේලා වැඩ ඉන්නෙ. ලස්සනට බණ කියන්ටත් පුළුවන්. ධර්මය පිළිබඳව හොඳ බහුශ්‍රැතභාවයකුත් තියෙනවා. ඒ ශ්‍රමණයන් අතර කෙනෙක් වන ආයුෂ්මත් ඛුජ්ජසෝභිත දොරටුව ළඟට ආවෙ හුළඟේ පාවෙලා ආවා වගේ ඉර්ධි බලයෙන්.

236. සුයුද්ධේන සුයිට්ඨේන සංගාමවිජයේන ච
බ්‍රහ්මචරියානුචිණ්ණේන ඒවායං සුඛමේධතී’ති.

236. කෙලෙස් නැසීම කියන්නෙ යහපත් යුද්ධයක්. ගුණධර්ම රකිනවා කියන්නෙ යහපත් යාගයක්, ඒ කෙලෙස් යුද්ධය දිනාගෙන, මේ උතුම් ජීවිතයත් පුරුදු පුහුණු කරගෙන තමයි මේ සැප විඳින්නෙ.

ඉත්ථං සුදං ආයස්මා ඛුජ්ජසෝභිතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ඛුජ්ජසෝභිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M