ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.5. මාතංගපුත්තත්ථේරගාථා

3.1.5. මාතංගපුත්ත තෙරුන්ගේ ගාථා

231. අතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු
ඉති විස්සට්ඨකම්මන්තේ ඛණා අච්චෙන්ති මාණවේ

231. දැන් හරිම සීතලයි. දැන් ගොඩක් රස්නෙයි. දැන් ගොඩක් හවස් වෙලා. මෙහෙම කිය කියා තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කරගන්න මිනිස්සු ඉන්නවා. ඒ උදවිය දුර්ලභව ලැබුණු මේ අවස්ථාවත් අතපසු කරගන්නවා.

232. යෝ ච සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්‍යෝ න මඤ්ඤති
කරං පුරිසකිච්චානි සෝ සුඛා න විහායති

232. ඔය සීතල – රස්නෙ කියන දේවල් තණකොළ ගහක් තරමටවත් ගණන් ගන්ට හොඳ නෑ. එයා සැපයෙන් පිරිහෙන්නෙ නෑ පුරුෂයෙක් කළ යුතු විදිහට වැඩ කළොත්.

233. දබ්බං කුසං පෝටකිලං උසීරං මුඤ්ජබබ්බජං
උරසා පනුදිස්සාමි විවේකමනුබ්‍රෑහයන්ති

233. මම නම් ඔය හී තණ, කුස තණ, වැලුත්, සැවැන්දරා, මුදු තණ, බබුස් තණ දුරින්ම දුරු කරනවා. චිත්ත විවේකයමයි පුරුදු කරන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා මාතංගපුත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මාතංගපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M