ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.4. ධනියත්ථේරගාථා

3.1.4. ධනිය තෙරුන්ගේ ගාථා

228. සුඛඤ්චේ ජීවිතුං ඉච්ඡේ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා
සංඝිකං නාතිමඤ්ඤෙය්‍ය චීවරං පානභෝජනං

228. මහණ ජීවිතේ දියුණුවක් ලබන්ට කැමති කෙනා, සුවසේ සිටින්ට කැමති කෙනා, බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පිරිස උදෙසා ලැබෙන සිවුරු දන් පැන් ආදියට අපහාස කරන්ට හොඳ නෑ.

229. සුඛඤ්චේ ජීවිතුං ඉච්ඡේ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා
අහි මූසිකසොබ්භං ව සේවේථ සයනාසනං

229. මහණ ජීවිතයේ දියුණුවක් ලබන්ට කැමති කෙනා, සුවසේ සිටින්ට කැමති කෙනා, තාවකාලික අදහසින්මයි, කුටියක් පරිහරණය කළ යුත්තේ. මී ගුලකට රිංගන සර්පයෙක් වගේ.

230. සුඛඤ්චේ ජීවිතුං ඉච්ඡේ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා
ඉතරීතරේන තුස්සෙය්‍ය ඒකධම්මඤ්ච භාවයේති

230. මහණ ජීවිතේ දියුණුවක් ලබන්ට කැමති කෙනා සුවසේ සිටින්ට කැමති කෙනා, ලැබිච්ච දේකින් සතුටු වෙන්න ඕනෙ. ‘පමා නොවී ධර්මයේ හැසිරීම’ නම් වූ එකම ‘ගුණය’ දියුණු කරගන්නට ඕනෙ.

ඉත්ථං සුදං ආයස්මා ධනියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ධනිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M