ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.3. බක්කුලත්ථේරගාථා

3.1.3. බක්කුල තෙරුන්ගේ ගාථා

225. යෝ පුබ්බේ කරණීයාති පච්ඡා සෝ කාතුමිච්ඡති
සුඛා සෝ ධංසතේ ඨානා පච්ඡා ච මනුතප්පති

225. ඉස්සෙල්ලාම කරන්ට ඕනෙ දේ අත්හැරල දාලා එයා හිතුවොත් ඒක පස්සෙ කරනවා කියල සැපයක් ලබාගන්ට පුළුවන් අවස්ථාව ඔහුගෙන් ගිලිහී යනවා. අන්තිමට එයා පසුතැවෙනවා.

226. යං හි කයිරා තං හි වදේ යං න කයිරා න තං වදේ
අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා

226. යමක් කරනවා නම් ඒක තමයි එයා කියන්ට ඕනෙ. යමක් කරන්නෙ නැත්නම් ඒක එයා කියන්ට ඕනෙ නෑ. ක්‍රියාවෙන් තොරව කතාව විතරක් තියෙන උදවියට බුද්ධිමත් අය ප්‍රශංසා කරන්නෙ නෑ.

227. සුසුඛං වත නිබ්බානං සම්මාසම්බුද්ධදේසිතං
අසෝකං විරජං ඛේමං යත්ථ දුක්ඛං නිරුජ්ඣතී’ති.

227. ඇත්තෙන්ම සම්බුදු සමිඳාණන් වදාළ ඒ අමා නිවන තමයි උතුම්ම සැපය. දුක් නිරුද්ධ වෙන්නෙ අන්න එතනයි. එතන ශෝකයක් නෑ. කෙලෙසීමක් නෑ. සැබෑම රැකවරණයෙන් යුක්තයි.

ඉත්ථං සුදං ආයස්මා බක්කුලෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් බක්කුල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M