ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.2. පච්චයත්ථේරගාථා

3.1.2. පච්චය තෙරුන්ගේ ගාථා

222. පඤ්චාහාහං පබ්බජිතෝ සේඛෝ අප්පත්තමානසෝ
විහාරං මේ පවිට්ඨස්ස චේතසෝ පණිධී අහු

222. මං මහණ වෙලා හරියටම පස් දවසයි. තවම අරහත්වය පිණිස නිවන් මගේ පුහුණු වෙන කෙනෙක්. ඉතින් මං කුටියට ගිහින් මෙන්න මේ විදිහට අධිෂ්ඨානයක් ඇති කරගත්තා.

223. නාසිස්සං න පිවිස්සාමි විහාරතෝ න නික්ඛමේ
නපි පස්සං නිපාතෙස්සං තණ්හාසල්ලේ අනූහතේ

223. මේ තණ්හාව නමැති හුල උදුරා දමන තාක්ම මං දානෙ ගන්නෙ නෑ. කිසිම දෙයක් පානය කරන්නෙත් නෑ. කුටියෙන් පිටතට යන්නෙත් නෑ. මේ ශරීරය එක ඇලයකට හරි හාන්සි කරවල නිදාගන්නෙත් නෑ.

224. තස්ස චේවං විහරතෝ පස්ස විරියපරක්කමං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

224. බලන්න, මං කොයිතරම් දැඩි වීරියක් ද ගත්තෙ කියලා. ඉතින් මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා පච්චයෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පච්චය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M