ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.1. අග්ගිකභාරද්වාජත්ථේරගාථා

3.1.1. අග්ගික භාරද්වාජ තෙරුන්ගේ ගාථා

219. අයෝනි සුද්ධිමන්වේසං අග්ගිං පරිචරිං වනේ
සුද්ධිමග්ගං අජානන්තෝ අකාසිං අමරං තපං

219. මං වනාන්තරේ හිටියෙ ගිනි පූජා කර කර. සසරින් මිදෙන්ට හිතාගෙන ගියේ වැරදි පාරක. නිවනට යන මග දන්නෙ නැති නිසා අත්තකිලමථානුයෝගයට වැටිල මං හරියට තපස් කළා. පලක් වුණේ නෑ.

220. තං සුඛේන සුඛං ලද්ධං පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං

220. එහෙත් මේ බුද්ධ ශාසනයේ ආශ්චර්ය බලන්න. මං දැන් ඒ අමා නිවන් සුව ලබාගත්තෙ සුවසේමයි. ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

221. බ්‍රහ්මබන්ධු පුරේ ආසිං ඉදානි ඛෝම්හි බ්‍රාහ්මණෝ
තේවිජ්ජෝ නහාතකෝ චම්හි සොත්ථියෝ චම්හි වේදගූ’ති.

221. ඉස්සර මං සම්මුතියෙන් විතරයි බ්‍රාහ්මණයෙක් වෙලා හිටියේ. එහෙත් දැන් මං ඇත්තටම බ්‍රාහ්මණයෙක්. ත්‍රිවිද්‍යාවම තියෙන කෙනෙක්. කෙලෙස් සෝදල දාපු කෙනෙක්. යහපතට පැමිණි කෙනෙක්. ධර්මයේ කෙළවරට පැමිණි කෙනෙක්.

ඉත්ථං සුදං ආයස්මා අග්ගිකභාරද්වාජෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අග්ගිකභාරද්වාජ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M