ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.10. සාටිමත්තියත්ථේරගාථා

3.1.10. සාටිමත්තිය තෙරුන්ගේ ගාථා

246. අහු තුය්හං පුරේ සද්ධා සා තේ අජ්ජ න විජ්ජති
යං තුය්හං තුය්හමේවේතං නත්ථි දුච්චරිතං මම

246. ඉස්සර ඔබ තුළ මං ගැන ශ්‍රද්ධාවක් තිබුණා. ඒත් අද ඊට වෙනස්. ඒ ශ්‍රද්ධාව පෙනෙන්ට නෑ. ඔබ යමක් කරගත්තා නම් ඒක ඔබටම වේවා! ඔබ හිතන ආකාරයේ දුෂ්චරිතයක් මා තුළ නෑ.

247. අනිච්චා හි චලා සද්ධා ඒවං දිට්ඨා හි සා මයා
රජ්ජන්තිපි විරජ්ජන්ති තත්ථ කිං ජිය්‍යතේ මුනි

247. පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව අනිත්‍ය එකක්මයි. ඒ ශ්‍රද්ධාව මොහොතකින් වෙනස් වෙනවා. මං ඒක හොඳට දැකල තියෙනවා. වෙලාවකට ඒ උදවිය පැහැදිලා සතුටු වෙනවා. තවත් වෙලාවකදි අපැහැදිලා කලකිරෙනවා. ඉතින් ඒකෙදි පිරිහී යන්නෙ මුනිවරයා කියල හිතනවද?

248. පච්චති මුනිනෝ භත්තං ථෝක ථෝකං කුලේ කුලේ
පිණ්ඩිකාය චරිස්සාමි අත්ථි ජංඝාබලං මමා’ති.

248. මුනිවරයාට ගෙයක් පාසා බත් ටික ටික නමුත් පැහෙනවා. ඒ නිසා මම පිණ්ඩපාතෙ කරගෙන ජීවත් වෙනවා. තවමත් මගේ දෙපා හයියයි.

ඉත්ථං සුදං ආයස්මා සාටිමත්තියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සාටිමත්තිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M