ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.11. උපාලිත්ථේරගාථා

3.1.11. උපාලි තෙරුන්ගේ ගාථා

249. සද්ධාය අභිනික්ඛම්ම නවපබ්බජිතෝ නවෝ
මිත්තේ භජෙය්‍ය කල්‍යාණේ සුද්ධාජීවේ අතන්දිතේ

249. ගිහිගෙය අත්හැරල ශ්‍රද්ධාවෙන්ම ශාසනයට පැමිණිච්ච නවක භික්ෂුව පිරිසිදු ජීවිතයක් ගෙවන්ට ඕනෙ. වීරියවන්ත වෙන්ට ඕනෙ. කළ්‍යාණමිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්ට ඕනෙ.

250. සද්ධාය අභිනික්ඛම්ම නවපබ්බජිතෝ නවෝ
සංඝස්මිං විහරං භික්ඛු සික්ඛේථ විනයං ඛුධෝ

250. ගිහි ගෙය අත්හැරල ශ්‍රද්ධාවෙන්ම ශාසනයට පැමිණිච්ච නවක භික්ෂුව සංඝයා ඇසුරේම වසන්ට ඕනෙ. හොඳට ධර්ම විනය ඉගෙන ගන්ට ඕනෙ.

251. සද්ධාය අභිනික්ඛම්ම නවපබ්බජිතෝ නවෝ
කප්පාකප්පේසු කුසලෝ විහරෙය්‍ය අපුරක්ඛතෝ

251. ගිහිගෙය අත්හැරල ශ්‍රද්ධාවෙන්ම ශාසනයට පැමිණිච්ච නවක භික්ෂුව කැප අකැප දේවල් හඳුනා ගැනීමට දක්ෂ වෙන්ට ඕනෙ. තණ්හාව පෙරට නොගෙන වාසය කරන්ට ඕනෙ.

ඉත්ථං සුදං ආයස්මා උපාලිත්ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උපාලි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M