ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.12. උත්තරපාලත්ථේරගාථා

3.1.12. උත්තරපාල තෙරුන්ගේ ගාථා

252. පණ්ඩිතං වත මං සන්තං අලමත්ථවිචින්තකං
පඤ්චකාමගුණා ලෝකේ සම්මෝහා පාතයිංසු මං

252. හොඳ නරක තෝරා ගැනීමට මෙතරම් නුවණ තියෙන මාවත් ලෝකයා මෝහනයට පත්කළ පංච කාම ගුණයන් පහළට ඇදලා දැම්මා.

253. පක්ඛන්නෝ මාරවිසයේ දළ්හසල්ලසමප්පිතෝ
අසක්ඛිං මච්චුරාජස්ස අහං පාසා පමුච්චිතුං

253. මේ පංච කාමය කියන්නේ මාරයා විසින් සත්වයා ගොදුරු කරගන්න තැන. ඉතින් මමත් මේ පංච කාමයට ගොදුරු වුණා. රාගය නමැති හුලෙන් පහර කෑවා. නමුත් අන්තිමේදී මට පුළුවන් වුණා මාරයාගේ උගුලෙන් නිදහස් වෙන්ට.

254. සබ්බේ කාමා පහීනා මේ භවා සබ්බේ විදාළිතා
චික්ඛීණෝ ජාතිසංසාරෝ නත්ථි දානි පුනබ්භවෝ’ති.

254. හැම කාම ආශාවක්ම මං නැති කරලා දැම්මා. හැම භවයක්ම නසා දැම්මා. උපත සලසන සංසාරය මෙතනින් ඉවරයි. දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා උත්තරපාලත්ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උත්තරපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M