ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.13. අභිභූතත්ථේරගාථා

3.1.13. අභිභූත තෙරුන්ගේ ගාථා

255. සුණාථ ඤාතයෝ සබ්බේ යාවන්තෙත්ථ සමාගතා
ධම්මං වෝ දේසයිස්සාමි දුක්ඛා ජාති පුනප්පුනං

255. දැන් මෙතන රැස්වුණ, පින්වත් ඤාතිවරුනි, ඔයාලා මං කියන දේ අහන්න. මං ඔයාලට බුදුසමිඳාණන්ගේ ධර්මය කියලා දෙන්නම්. ආයෙ ආයෙමත් ඉපදෙන්ට සිදුවීම නම් දුකක්මයි.

256. ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනේ
ධුනාථ මච්චුනෝ සේනං නළාගාරං ව කුඤ්ජරෝ

256. ඒ නිසා වීරිය කරන්න. කම්මැලිකමෙන් අත් මිදෙන්න. බුදු සමිඳුන්ගේ අනුශාසනාව අනුගමනය කරන්න. බට පතුරුවලින් කළ ගෙයක් සුණු විසුණු කරල දාන ඇත් රජෙක් වගේ, මාරසේනාව නැතිකර දමන්න.

257. යෝ ඉමස්මිං ධම්මවිනයේ අප්පමත්තෝ විහෙස්සති
පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී’ති.

257. යම් කෙනෙක් මේ ධර්ම විනයේ අප්‍රමාදීව හැසිරුණොත් ඉපදෙන මැරෙන සංසාරය අත්හැර සියළු දුක් නිමාකරන්ට ඔහුට පුළුවන්.

ඉත්ථං සුදං ආයස්මා අභිභූතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අභිභූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M