ඛුද්දක නිකාය

ථේර ගාථා

3.1.14. ගෝතමත්ථේරගාථා

3.1.14. ගෝතම තෙරුන්ගේ ගාථා

258. සංසරං හි නිරයං අගච්ඡිසං
පේතලෝකමගමං පුනප්පුනං
දුක්ඛමම්හි පි තිරච්ඡානයෝනියං
නේකධා හි වුසිතං චිරං මයා

258. සංසාරේ සැරිසරා යද්දී ආයෙ ආයෙමත් නිරයේ ඉපදුණා. ප්‍රේත ලෝකයේ ඉපදුනා. තිරිසන් ලෝකයේ ඉපදුණා. බොහෝ කලක් මුළුල්ලේ අනන්ත දුක් දොම්නස් වින්දා.

259. මානුසෝ පි ච භවෝභිරාධිතෝ
සග්ගකායමගමං සකිං සකිං
රූපධාතුසු අරූපධාතුසු
නේවසඤ්ඤිසු අසඤ්ඤිසුට්ඨිතං

259. ඔය අතරේ වරින් වර මිනිස් ලෝකෙටත් ආවා. දෙව් ලොවත් ඉපදුණා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූපාවචර බ්‍රහ්මලෝකවල නේවසඤ්ඤා ලෝකයේ, අසංඥතලයේ ඉපදිලා කාලෙ ගෙවිලා ගියා.

260. සම්භවා සුවිදිතා අසාරකා
සංඛතා පචලිතා සදේරිතා
තං විදිත්ව මහමත්තසම්භවං
සන්තිමේව සතිමා සමජ්ඣග’න්ති

260. මං දැන් දන්නවා, මේ සංස්කාරයන්ගේ හටගැනීම හරසුන් දෙයක් බව. සකස් වෙන හැම දෙයකම ස්වභාවය නැසී වැනසී යාමයි. තමා වශයෙන් සිතාගෙන සිටින සකස් වෙන දේවල් නුවණින් අවබෝධ කරගත්තා. මනාව සිහිය පිහිටුවා ගත්තා. ශාන්ත නිවන සාක්ෂාත් කළා.

ඉත්ථං සුදං ආයස්මා ගෝතමෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගෝතම නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M