☰
261. ඉස්සෙල්ලාම කරන්න ඕනෙ දේ කල්දාලා ඒක පස්සෙ කරන්න නම් හිතාගෙන ඉන්නෙ, එයා ලබන්ට තියෙන සැපයෙන් පිරිහී යනවා. පස්සෙ ලැබෙන්නෙ ශෝකය විතරයි.
262. යම් දෙයක් කරනවා නම් අන්න ඒ ගැන විතරයි කිව යුත්තේ. නොකරන දේවල් කියන්නට ඕනෙ නෑ. නොකරන දේ කිය කියා ඉන්න උදවියට බුද්ධිමතුන් ප්‍රශංසා කරන්නෙ නෑ.
263. සම්බුදු සමිඳාණන් වදාළ ඒ අමා නිවන ඒකාන්තයෙන්ම සැපයෙකි. එතන තමයි හැම දුකක්ම නැති වෙන තැන. එතන තමයි ශෝක රහිත තැන. කෙලෙස් රහිත තැන. කරදර නැති තැන.
මෙය වනාහී ආයුෂ්මත් හාරිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M