264. අමා නිවන අවබෝධ කරන්ට සිතන කෙනා පාප මිත්‍රයන්ව අත්හරින්ට ඕනෙ. උත්තම පුද්ගලයන්ව සේවනය කරන්නටත් ඕනෙ. ඒ උතුමන් අවවාදයේ පිහිටා සිටින්ටත් ඕනෙ.
265. මුහුදට වැටිච්ච කෙනා කුඩා දර කැබැල්ලකට නැගගත්තොත් ගිලෙන්නේ මුහුදෙමයි. අන්න ඒ වගේ කුසීතයා ඇසුරු කරන යහපත් පුද්ගලයත් පිරිහෙනවා. එනිසා හීන වීරිය ඇති කුසීත පුද්ගලයන්ව ආශ්‍රයෙන් ඈත් කළ යුතුයි.
266. තනියම ජීවත්වන, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, ධ්‍යාන වඩන, පටන් ගත් වීරිය නිතර පවත්වන උතුමන්වයි ඇසුරු කළ යුත්තේ.
මෙය වනාහී ආයුෂ්මත් විමල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
ගාථා තුන බැගින් වදාළ කොටස නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_3-1-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M