794. සිහි මුලා වෙලා ඇහෙන් රූප දකින කොට එයා ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්ට සිදුවෙන්නෙ ඇලුණ සිතින්. ඒකෙම සිත බැසගන්නවා.
795. එතකොට රූපය නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ ඇතිවෙනවා. එයාගෙ සිත ආශාවෙන්, අසහනයෙන් පෙලෙනවා. මේ විදිහට දුක් රැස් කරන කොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නෙ.
796. සිහි මුලා වෙලා කනෙන් ශබ්ද අසන කොට එයා ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්ට සිදුවෙන්නෙ ඇලුණ සිතින්. ඒකෙම සිත බැසගන්නවා.
797. එතකොට ශබ්දය නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ ඇතිවෙනවා. එයාගෙ සිත ආශාවෙන්, අසහනයෙන් පෙලෙනවා. මේ විදිහට දුක් රැස් කරන කොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නෙ.
798. සිහි මුලා වෙලා නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරන කොට එයා ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්ට සිදුවෙන්නෙ ඇලුන සිතින්. ඒකෙම සිත බැසගන්නවා.
799. එතකොට ගඳ සුවඳ නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ ඇතිවෙනවා. එයාගෙ සිත ආශාවෙන්, අසහනයෙන් පෙලෙනවා. මේ විදිහට දුක් රැස් කරන කොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නෙ.
800. සිහි මුලා වෙලා දිවෙන් රසවත් දෙයක් අනුභව කරන කොට එයා ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්ට සිදුවෙන්නෙ ඇලුණ සිතින්. ඒකෙම සිත බැසගන්නවා.
801. එතකොට රසය නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ ඇතිවෙනවා. එයාගෙ සිත ආශාවෙන්, අසහනයෙන් පෙලෙනවා. මේ විදිහට දුක් රැස් කරන කොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නෙ.
802. සිහි මුලාවෙලා කයින් පහස ලබන කොට එයා ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්ට සිදුවෙන්නෙ ඇලුණ සිතින්. ඒකෙම සිත බැසගන්නවා.
803. එතකොට පහස නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ ඇතිවෙනවා. එයාගෙ සිත ආශාවෙන්, අසහනයෙන් පෙලෙනවා. මේ විදිහට දුක් රැස් කරන කොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නෙ.
804. සිහි මුලා වෙලා සිතින් යමක් සිතන කොට එයා ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්ට සිදුවෙන්නෙ ඇලුණ සිතින්. ඒකෙම සිත බැසගන්නවා.
805. එතකොට ඒ සිතූ දේවල් තුළින් ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ ඇතිවෙනවා. එයාගෙ සිත ආශාවෙන්, අසහනයෙන් පෙලෙනවා. මේ විදිහට දුක් රැස් කරන කොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නෙ.
806. සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා රූපයක් දැක්කම ඒ රූපයට ඇලෙන්නෙ නෑ. එයා ඒක විඳින්නෙ නොඇලුණ සිතකින්. ඒ රූපය ගැන එයාගෙ සිත බැසගන්නෙ නෑ.
807. එයා රූපය දකින ආකාරයෙන් ඒ විඳීම සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිල යන්නෙ. එතකොට රැස් වෙන්නෙ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නෙ. ඔය විදිහට දුක අයින් කරන කොට නිවනට ළං වුණා කියල කියනවා.
808. සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා ශබ්දයක් ඇහුනම ඒ ශබ්දයට ඇලෙන්නෙ නෑ. එයා ඒක විඳින්නෙ නොඇලුණ සිතකින්. ඒ ශබ්දය ගැන එයාගෙ සිත බැසගන්නෙ නෑ.
809. එයා ශබ්දය අසන ආකාරයෙන් ඒ විඳීම සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිල යන්නෙ. එතකොට රැස් වෙන්නෙ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නෙ. ඔය විදිහට දුක අයින් කරන කොට නිවනට ළං වුණා කියල කියනවා.
810. සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා ගඳ සුවඳක් දැනුනාම ඒ ගඳ සුවඳට ඇලෙන්නෙ නෑ. එයා ඒක විඳින්නෙ නොඇලුණ සිතකින්. ඒ ගඳ සුවඳ ගැන එයාගෙ සිත බැස ගන්නෙ නෑ.
811. එයා ගඳ සුවඳ විඳින ආකාරයෙන් ඒ විඳීම සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිල යන්නෙ. එතකොට රැස් වෙන්නෙ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නෙ. ඔය විදිහට දුක අයින් කරන කොට නිවනට ළං වුණා කියල කියනවා.
812. සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා රසවත් යමක් අනුභව කළාම ඒ රසයට ඇලෙන්නෙ නෑ. එයා ඒක විඳින්නෙ නොඇලුණ සිතකින්. ඒ රසය ගැන එයාගෙ සිත බැසගන්නෙ නෑ.
813. එයා රසය විඳින ආකාරයෙන් ඒ විඳීම සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිල යන්නෙ. එතකොට රැස් වෙන්නෙ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නෙ. ඔය විදිහට දුක අයින් කරන කොට නිවනට ළං වුණා කියල කියනවා.
814. සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා කයට පහසක් ලැබුණාම ඒ පහසට ඇලෙන්නෙ නෑ. එයා ඒක විඳින්නෙ නොඇලුණ සිතකින්. ඒ පහස ගැන එයාගෙ සිත බැසගන්නෙ නෑ.
815. එයා පහස ලබන ආකාරයෙන් ඒ පහස සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිල යන්නෙ. එතකොට රැස්වෙන්නෙ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නෙ. ඔය විදිහට දුක අයින් කරන කොට නිවනට ළං වුණා කියල කියනවා.
816. සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා මනසට යමක් සිතුණ විට ඒ අරමුණට ඇලෙන්නෙ නෑ. එයා ඒක විඳින්නෙ නොඇලුණ සිතකින්. ඒ අරමුණ ගැන එයාගෙ සිත බැසගන්නෙ නෑ.
817. එයා සිතුවිලි සිතන ආකාරයෙන්, ඒ විඳීම සේවනය කරන ආකාරයෙන් තමයි, ඒ විදිහට කෙලෙස් ගෙවිල යන්නෙ. එතකොට රැස්වෙන්නෙ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නෙ. ඔය විදිහට දුක අයින් කරන කොට නිවනට ළං වුණා කියල කියනවා.
මෙය වනාහී ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M