ඛුද්දක නිකාය

ථේර ගාථා

20.1.6. සේලත්ථේරගාථා

20.1.6. සේල තෙරුන්ගේ ගාථා

818. පරිපුණ්ණකායෝ සුරුචි සුජාතෝ චාරුදස්සනෝ,
සුවණ්ණවණ්ණෝසි භගවා සුසුක්කදාඨෝ විරියවා.

818. මහා වීරිය ඇති භාග්‍යවත් මුනිඳුනි, ඔබවහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්. ලස්සනම ලස්සන රූපයක්. සුන්දර උපතක්. සුන්දර පෙනුමක්. රත්තරන් පාට සිරුරක්. සුදෝ සුදු දත් දෙපලක්.

819. නරස්ස හි සුජාතස්ස යේ භවන්ති වියඤ්ජනා,
සබ්බේ තේ තව කායස්මිං මහාපුරිසලක්ඛණා.

819. වාසනාවන්ත උපතක් ලබපු කෙනෙකුගේ ශරීරයේ ඒ ගැන උතුම් සලකුණු තියෙනවා. ඔබවහන්සේගේ ශරීරයේ ඒ උතුම් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව මට පේනවා.

820. පසන්නනෙත්තෝ සුමුඛෝ බ්‍රහ්මා උජු පතාපවා,
මජ්ඣේ සමණසංඝස්ස ආදිච්චෝ’ව විරෝචසි.

820. ඔබවහන්සේගේ ඇස් දෙක හරිම ලස්සනයි. මුව මඬල හරිම සුන්දරයි. උස මහත බ්‍රහ්මයෙකුගේ වගෙයි. ශ්‍රමණයන් වහන්සේලා මැද ඔබවහන්සේ වැඩ සිටිනකොට හිරු මඬල බබලනවා වගෙයි.

821. කල්‍යාණදස්සනෝ භික්ඛු කඤ්චනසන්නිභත්තචෝ,‍
කිං තේ සමණභාවේන ඒවං උත්තමවණ්ණිනෝ.

821. පින්වත් ශ්‍රමණයන් වහන්ස, රත්තරන් පාට සමකින් යුතු ඔබවහන්සේ නම් හරිම ලස්සනයි. මෙච්චර ලස්සන රූපයක් තියෙන ඔබවහන්සේ මහණ වීමෙන් ඇති ඵලය කුමක්ද?

822. රාජා අරහසි භවිතුං චක්කවත්තී රථේසභෝ,
චාතුරන්තෝ විජිතාවී ජම්බුසණ්ඩස්ස ඉස්සරෝ.

822. ඔබවහන්සේට ගැලපෙන්නෙ සතර මහා සාගරය ජය අරගෙන මුළු දඹදිවට අග රජු වන මහා රථ තියෙන සක්විති රජෙක් වීමයි.

823. ඛත්තියා භෝගා රාජානෝ අනුයන්තා භවන්ති තේ,
රාජාධිරාජා මනුජින්දෝ රජ්ජං කාරේහි ගෝතම.

823. එතකොට ඔබවහන්සේ පස්සෙන් මහා සම්භාවනීය රජවරු එනවා. පින්වත් ගෞතමයාණෙනි, රජුන්ට රජ වූ මිනිසුන්ගේ ශක්‍රයා වූ රජෙක් විදිහට වැඩකරන්ට පුළුවන් නේද?

824. රාජාහමස්මි සේල (සේලාති භගවා) ධම්මරාජා අනුත්තරෝ,
ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං.

824. (භාග්‍යවතුන් වහන්සේ) පින්වත් සේල, මං රජෙක්. අති උතුම් සදහම් රජෙක්. මං පවත්වන මේ ධර්ම චක්‍රය ලෝකෙ කාටවත් ආපහු හරවන්ට බැරි වක්‍රයක්.

825. සම්බුද්ධෝ පටිජානාසි (ඉති සේලෝ බ්‍රාහ්මණෝ) ධම්මරාජා අනුත්තරෝ,
ධම්මේන චක්කං වත්තේමි ඉති භාසසි ගෝතම.

825. (සේල බ්‍රාහ්මණ) පින්වත් ගෞතමයාණෙනි, ඔබවහන්සේ ඔය පවසන්නේ අති උතුම් සදහම් රජු වන සම්මා සම්බුදු කෙනෙක් බවද?

826. කෝ නු සේනාපති භෝතෝ සාවකෝ සත්ථු අන්වයෝ,
කෝ තේත මං අනුවත්තේති ධම්මචක්කං පවත්තිතං.

826. එහෙම නම්, පින්වත් ඔබවහන්සේගේ සේනාපතියා කවුද? ඔබවහන්සේ විදිහටම ධර්ම චක්‍රය පවත්වන්ට පුළුවන් වූ ශාස්තෘන් වහන්සේගේ අනුජාත ශ්‍රාවකයාණන් කවුද?

827. මයා පවත්තිතං චක්කං (සේලාති භගවා) ධම්මචක්කං අනුත්තරං,
සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතං.

827. (භාග්‍යවතුන් වහන්සේ) පින්වත් සේල, මං විදිහට මයි එයා අති උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ. එයාට තමයි තථාගත අනුජාත සාරිපුත්ත කියන්නෙ.

828. අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවේතබ්බං ච භාවිතං,
පහාතබ්බං පහීනං මේ තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.

828. අවබෝධ කළ යුතු ඔක්කොම දේවල් මං අවබෝධ කළා. භාවනා වශයෙන් වැඩිය යුතු ඔක්කොම දේවල් මං වැඩුවා. නැති කරල දැමිය යුතු ඔක්කොම දේවල් මං නැති කළා. පින්වත් බ්‍රාහ්මණය, මම තමයි බුද්ධ කියන්නෙ.

829. විනයස්සු මයි කඞඛං අධිමුච්චස්සු බ්‍රාහ්මණ,
දුල්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අභිණ්හසෝ.

829. පින්වත් බ්‍රාහ්මණය, මං ගැන තියෙන සැක සංකා නැති කරල දාන්න. පහන් සිත් ඇති කරගන්න. සම්මා සම්බුදුවරයෙක් හැම තිස්සෙම දකින්ට ලැබෙනවයි කියන්නෙ අතිශයින්ම දුර්ලභ එකක්.

830. යේසං වේ දුල්ලභෝ ලෝකේ පාතුභාවෝ අභිණ්හසෝ,
සෝ’හං බ්‍රාහ්මණ බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ.

830. ලෝකයේ හැම තිස්සෙම දකින්න පුළුවන් විදිහට කෙනෙක් සිටීම අතිශයින්ම දුර්ලභ දෙයක්. අන්න ඒ කෙනා මමයි. පින්වත් බ්‍රාහ්මණය, මං අතිඋතුම් ශල්‍ය වෛද්‍යවරයෙක්. මං සම්බුදු කෙනෙක්.

831. බ්‍රහ්මභූතෝ අතිතුලෝ මාරසේනප්පමද්දනෝ,
සබ්බාමිත්තේ වසේ කත්වා, මෝදාමි අකුතෝභයෝ.

831. මං ශ්‍රේෂ්ඨත්වය ලබාගත්තු කෙනෙක්. අසහාය කෙනෙක්. මාර සේනාව පරාජය කළ කෙනෙක්. සතුරු බලවේග නැති කරල දාල කිසිම පැත්තකින් බයක් නැති කෙනෙක්.

832. ඉදං භොන්තෝ නිසාමේථ යථා භාසති චක්ඛුමා,
සල්ලකත්තෝ මහාවීරෝ සීහෝ’ව නදතී වනේ.

832. (සේල බ්‍රාහ්මණ) පින්වත්නි, සදහම් ඇස් ඇති මුනිඳුන් මේ පවසන සුන්දර වචන හොඳට අසා ගන්න. උන්වහන්සේ සත්වයින්ගේ සිත්වලින් කෙලෙස් හුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්. මහා වීරියවන්තයෙක්. වනාන්තරයේ නද දෙන සිංහ රාජයෙක් වගෙයි.

833. බ්‍රහ්මභූතං අතිතුලං මාරසේනප්පමද්දනං,
කෝ දිස්වා නප්පසීදෙය්‍ය අපි කණ්හාභිජාතිකෝ.

833. උන්වහන්සේ ශ්‍රේෂ්ඨත්වයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. අසහාය කෙනෙක්. මාර සේනා පරදවා ජය ලැබූ කෙනෙක්. මේ සමිඳුන් දකින විට ඕනෑම තරාතිරමක කෙනෙක් නොපහදින්නෙ කොහොමද?

834. යෝ මං ඉච්ඡති අන්වේතු යෝ වා නිච්ඡති ගච්ඡතු,
ඉධාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකේ.

834. උතුම් නුවණ තිබෙන මේ බුදු සමිඳුන් ළඟ මං මහණ වෙනවා. ඔයාලත් කැමති නම් මාත් සමඟ මහණ වෙන්න. අකමැති නම් ආපහු යන්න.

835. ඒතං චේ රුච්චති භෝතෝ සම්මාසම්බුද්ධසාසනං,
මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකේ.

835. (ශිෂ්‍ය පිරිස) පින්වත් ආචාර්තුමනි, සම්බුදු සමිඳුන්ගේ ශාසනයට ඔයා මේ තරම් ආශා නම්, අපිත් කැමතියි ඒ උතුම් නුවණ තියෙන බුදු සමිඳුන් ළඟ මහණ වෙන්න.

836. බ්‍රාහ්මණා තිසතා ඉමේ යාචන්ති පඤ්ජලීකතා,
බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකේ.

836. (සේල බ්‍රාහ්මණයා) භාග්‍යවතුන් වහන්ස, මෙතන තුන්සීයක බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා. අපි ඔක්කොම ඔබවහන්සේට වැඳලා මේ ඉල්ලන්නෙ උතුම් බඹසර ජීවිතයයි. ඔබවහන්සේ ළඟ අපි ඔක්කොම බඹසර රකින්ට කැමතියි.

837. ස්වාඛාතං බ්‍රහ්මචරියං (සේලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං,
යත්ථ අමෝඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්ඛතෝ.

837. (භාග්‍යවතුන් වහන්සේ) පින්වත් සේල, මං කියා දෙන විදිහට අප්‍රමාදීව කටයුතු කළොත් මේ මහණකම හිස් දෙයක් වෙන්නෙ නෑ. උතුම් බඹසර ජීවිතය ගැන මං ඉතාම පැහැදිලිව කියල දීල තියෙන්නෙ. මේ ධර්මය මේ ජීවිතයේදීම දකින එකක්. (සන්දිට්ඨික) ඕනෑම කාලයක දකින එකක්. (අකාලික)

838. යං තං සරණමාගම්ම ඉතෝ අට්ඨමේ චක්ඛුම;
සත්තරත්තේන භගවා දන්තාම්හ තව සාසනේ.

838. (සේල බ්‍රාහ්මණ) දහම් ඇස් ඇති මුනිඳුනි, ඇත්තෙන් ම අපි මේ උතුම් තිසරණයට ආවේ දවස් අටකට කලින්. භාග්‍යවතුන් වහන්ස, දවස් හතක් ඇතුලත අපි ඔක්කොම සදහට ම දමනය වුණා.

839. තුවං බුද්ධෝ තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි,
තුවං අනුසයේ ඡෙත්වා තිණ්ණෝ තාරේසිමං පජං.

839. ඇත්තෙන් ම ඔබවහන්සේ බුදු කෙනෙක් ම යි. සැබෑ ම ශාස්තෘන් වහන්සේ නමක් ම යි. මාර බලය අභිබවා ගිය මුනිවරයා ම යි. සියලු කෙලෙස් සිඳ ගෙන සසරින් එතෙරට වැඩිය ඔබවහන්සේ අපවත් මේ සංසාරයෙන් එතෙර කළා.

840. උපධී තේ සමතික්කන්තා ආසවා තේ පදාලිතා,
සීහෝ’ව අනුපාදානෝ, පහීනභයභේරවෝ.

840. ඔබවහන්සේ සියලු කෙලෙස් ඉක්මවා ගියා. ආශ්‍රවයන් වැනසුවා. හැම භවයක් ම නැති කළා. උපාදාන රහිත වුණා. ඇත්තෙන්ම ඔබවහන්සේ සිංහ රාජයෙක් වගෙයි.

841. භික්ඛවෝ තිසතා ඉමේ තිට්ඨන්ති පඤ්ජලීකතා,
පාදේ වීර පසාරේහි නාගා වන්දන්තු සත්ථුනෝ’ති.

841. මහා වීරියවන්ත මුනිඳුනි, තුන්සියයක් භික්ෂූන් වහන්සේලා මේ වැඳගෙනයි සිටින්නේ. ඔය සිරිපා යුගල දිගු කළ මැනව. මේ ඇතුන් පිරිස ශාස්තෘන් වහන්සේගේ සිරි පතුල් වඳිත්වා!

ඉත්ථං සුදං ආයස්මා සේලෝ ථේරෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සේල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M