ඛුද්දක නිකාය

ථේර ගාථා

20.1.2. පාරාසරියත්ථේරගාථා

20.1.2. පාරාසරිය තෙරුන්ගේ ගාථා

726. සමණස්ස අහු චින්තා පාරාසරියස්ස භික්ඛුනෝ,
ඒකකස්ස නිසින්නස්ස පවිවිත්තස්ස ඣායිනෝ.

726. ‘පාරාසරිය’ ධ්‍යාන වඩන භික්ෂුවක්. තනියම විවේකයෙන් ඉන්න කොට තමයි මේ සිතුවිලි ඇතිවුණේ.

727. කිමානුපුබ්බං පුරිසෝ කිං වතං කිං සමාචාරං,
අත්තනෝ කිච්චකාරිස්ස න ච කඤ්චි විහේඨයේ.

727. මනුෂ්‍යයෙක් වුණාම තමන්ගෙ යහපතට කටයුතු කරන්නට ඕන. අනුන් නොවෙහෙසා කටයුතු කරන්න ඕනෑ. එබඳු කෙනෙක් පිළිවෙළින් කරන්ට ඕන මොකක්ද? එයාගෙ වත් පිළිවෙත් මොනවද? එයාගෙ ඇවැතුම් පැවැතුම් මොනවද?

728. ඉන්ද්‍රියානි මනුස්සානං හිතාය අහිතාය ච,
අරක්ඛිතානි අහිතාය රක්ඛිතානි හිතාය ච.

728. මනුෂ්‍යයන්ට තියෙන මේ ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් තමන්ගෙ යහපතට යොදා ගන්නටත් පුළුවන්. අයහපතට යොදා ගන්නටත් පුළුවන්. ඒ ඉඳුරන් රැක නොගත්තොත් අයහපත් පිණිසයි පවතින්නේ. රැක ගත්තොත් පහසුව පිණිසයි පවතින්නේ.

729. ඉන්ද්‍රියානේවං සාරක්ඛං ඉන්ද්‍රියානි ච ගෝපයං,
අත්තනෝ කිච්චකාරීස්ස න ච කිඤ්චි විහේඨයේ.

729. එනිසා තම කටයුතු යහපත් ලෙස කරන, අනුන් නො වෙහෙසන තැනැත්තා ඇස්, කණ් ආදී ඉඳුරන් හොඳින් රැකගන්ට ඕන. හොඳින් හසුරුවන්ට ඕන.

730. චක්ඛුන්ද්‍රියං චේ රූපේසු ගච්ඡන්තං අනිවාරයං,
අනාදීනවදස්සාවී සෝ දුක්ඛා න හි මුච්චති.

730. බාහිර රූප ඔස්සේ ඇස් දුවන කොට සංවර කර ගත්තෙ නැත්නම්, අසංවර වීමේ ආදීනව දැක්කේ නැත්නම්, එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ.

731. සෝතින්ද්‍රියං චේ සද්දේසු ගච්ඡන්තං අනිවාරයං,
අනාදීනවදස්සාවී සෝ දුක්ඛා න හි මුච්චති.

731. බාහිර ශබ්ද ඔස්සේ ඇස් දුවන කොට සංවර කර ගත්තෙ නැත්නම්, අසංවර වීමේ ආදීනව දැක්කෙ නැත්නම්, එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ.

732. අනිස්සරණදස්සාවී ගන්ධේ චේ පටිසේවති,
න සෝ මුච්චති දුක්ඛම්හා ගන්ධේසු අධිමුච්ඡිතෝ.

732. ඉදින් ඇල්ම දුරුකිරීම ගැන දන්නෙ නැතිව ගඳ සුවඳ පාවිච්චි කළොත්, ඒ ගඳ සුවඳට මුසපත් වුණොත්, එයාට දුකින් නිදහස් වෙන්ට පුළුවන්කමක් නෑ.

733. අම්බිලං මධුරග්ගං ච තිත්තකග්ගමනුස්සරං,
රසතණ්හාය ගධිතෝ හදයං නාවබුජ්ඣති.

733. මේවා ඇඹුල්, මේවා මිහිරියි. මේවා තිත්තයි කිය කියා රස ගැන සිහි කළොත් රස තණ්හාවට සිත ගිජු වෙනවා. ඒ තැනැත්තාට මේ සිත අවබෝධ කරගන්ට පුළුවන් වෙන්නෙ නෑ.

734. සුභාන්‍යප්පටිකූලානි ඵොට්ඨබ්බානි අනුස්සරං,
රත්තෝ රාගාධිකරණං විවිධං වින්දතේ දුඛං.

734. මේ දේ ලස්සනයි. පිළිකුල් රහිතයි යනාදී දේ සිතමින් පහස ගැන සිහි කළොත්, සිත ඒකෙ ඇලිලා ‘රාගය’ නැමැති අවුල් හටගන්නවා. එවිට විවිධාකාරයෙන් දුක් විඳින්ට සිද්ධ වෙනවා.

735. මනං චේතේහි ධම්මේහි යෝ න සක්කෝති රක්ඛිතුං,
තතෝ නං දුක්ඛමන්වේති සබ්බේහේතේහි පඤ්චහි.

735. මනසට අරමුණු එනකොට ඒ අරමුණුවලින් මනස රැකගන්ට බැරි වුණොත් එයාට සිද්ධ වෙන්නෙ හැම ඉන්ද්‍රියක් නිසාම දුක් විඳින්ටයි.

736. පුබ්බලෝහිතසම්පුණ්ණං බහුස්ස කුණපස්ස ච,
නරවීරකතං වග්ගුං සමුග්ගමිව චිත්තිතං.

736. මේ ශරීරය කියල කියන්නෙ දක්ෂ මිනිසෙක් ඉතාමත් ලස්සනට විචිත්‍ර විදිහට ආකර්ශනීය විදිහට හදල, ඒකෙ ඇතුළෙ ලේ සැරව පුරවල, අසූචි පුරවල තියෙන භාජනයක් වගේ දෙයක්.

737. කටුකං මධුරස්සාදං පියනිබන්ධනං දුඛං,
ඛුරංව මධුනා ලිත්තං උල්ලිහං නාවබුජ්ඣති.

737. ජීවිතය කියන්නෙ මිහිරි ආශ්වාදයක් තියෙන කටුක දෙයක්. ප්‍රිය බැඳීමක් ඇති දුක් දෙයක්. මේක අවබෝධ නොවෙච්ච කෙනා කරන්නෙ මී පැණි තැවැරුණ දැලි පිහියක් ලෙව කනවා වගේ දෙයක්.

738. ඉත්ථිරූපේ ඉත්ථිසරේ ඵොට්ඨබ්බේ’පි ඉත්ථියා,
ඉත්ථිගන්ධේසු සාරත්තෝ විවිධං වින්දතේ දුඛං.

738. ස්ත්‍රියකගෙ රූපයත්, කට හඬත්, පහසත්, සුවඳත් කියන මේවාට ඇලී ගියොත්, එයාට ගොඩක් දුක් විඳින්ට සිද්ධ වෙනවා.

739. ඉත්ථිසෝතානි සබ්බානි සන්දන්ති පඤ්ච පඤ්චසු,
තේසමාවරණං කාතුං සෝ සක්කෝති වීරියවා.

739. ස්ත්‍රියකගේ මේ අරමුණු සැඩ පහරක් වගේ වේගයෙන් පුරුෂයාගේ අරමුණුවලට ගලා බහිනවා. ඉතින් ඒ සැඩ පහර වළකාගන්ට යමෙකුට පුළුවන් වුණොත් ඔහු මහා වීරියවන්තයෙක්.

740. සෝ අත්ථවා සෝ ධම්මට්ඨෝ සෝ දුක්ඛෝ සෝ විචක්ඛණෝ,
කරෙය්‍ය රමමානෝපි කිච්චං ධම්මත්ථසංහිතං.

740. එයා තමයි යහපත උදාකර ගන්නේ. ධර්මයට පැමිණෙන්නේ. එයා දක්ෂයෙක්. ඉතා බුද්ධිමත් කෙනෙක්. යම් හෙයකින් ගිහියෙක් වශයෙන් හිටියත්, ධර්මානුකූලව යහපත උදාකර ගන්න කෙනෙක්.

741. අථෝ සීදති සඤ්ඤුත්තං වජ්ජේ කිච්චං නිරත්ථකං,
න තං කිච්චන්ති මඤ්ඤිත්වා අප්පමත්තෝ විචක්ඛණෝ.

741. එයා ගිහියෙක් වශයෙන් සිටියත් අර්ථශූන්‍ය දේවල්වල යෙදෙන්නෙ නෑ. නොකළ යුතු දේවල් හොඳින් දැනගෙන අප්‍රමාදව නුවණින් කටයුතු කරනවා.

742. යඤ්ච අත්ථේන සඤ්ඤුත්තං යා ච ධම්මගතා රති,
තං සමාදාය වත්තේථ සා හි වේ උත්තමා රති.

742. යහපත හා එකතු වෙලා ඉන්න කොට, ධර්මානුකූලව ගුණධර්ම හා එකතු වෙලා ඉන්න කොට, කුසල් දහම් සමාදන්ව සිටින කොට ඒක උතුම් එකතුවක්.

743. උච්චාවචේහුපායේහි
පරේසමභිජිගීසති,
හන්ත්වා වධිත්වා අථ සෝචයිත්වා,
ආලෝපති සාහසා යෝ පරේසං.

743. සමහරු හරි කැමතියි නොයෙකුත් උපක්‍රම කරල අනුන් සතු දේවල් තමන්ට ලබාගන්ට. ඒ තැනැත්තා අනුන්ව නසල හරි, අනුන්ට දුක් දීලා හරි, බලහත්කාරයෙන් හරි අනුන්ගේ දේවල් උදුරා ගන්නවා.

744. තච්ඡන්තෝ ආණියා ආණිං නිහන්ති බලවා යථා,
ඉන්ද්‍රියානින්ද්‍රෙයේහේව නිහන්ති කුසලෝ තථා.

744. දක්ෂ පුද්ගලයා මේ ඉඳුරන් කෙරෙහි තියෙන ආශාව දුරු කරන්නේ ඉඳුරන් පාවිච්චි කරලමයි. ඒක හරියට බලවත් කෙනෙක් ලෑල්ලක හිර වෙච්ච ඇණයක් තවත් ඇණයකින්ම ගලවල දානවා වගෙයි.

745. සද්ධං වීරියං සමාධිං ච සතිපඤ්ඤඤ්ච භාවයං,
පඤ්ච පඤ්චහි හන්ත්වාන අනීඝෝ යාති බ්‍රාහ්මණෝ.

745. අන්න ඒ කෙනා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි මෙන්ම ප්‍රඥාවත් වඩනවා. මේ පඤ්ච ඉන්ද්‍රියයන් දියුණු කරයි. ඇත්තෙන්ම එයා දුකින් නිදහස් වූ බ්‍රාහ්මණයෙක්.

746. සෝ අත්ථවා සෝ ධම්මට්ඨෝ කත්වා වාක්‍යානුසාසනිං,
සබ්බේන සබ්බං බුද්ධස්ස සෝ නරෝ සුඛමේධතී’ති.

746. එයා ජීවිතාර්ථය ලබාගත්ත කෙනෙක්. ධර්මය තුළ පිහිටලයි ඉන්නෙ. බුද්ධ වචනයට අනුව කටයුතු කිරීමෙන්, හැමදේම අවබෝධ කරගෙනයි ඉන්නෙ. උතුම්ම සැපය දියුණු කරගෙනයි ඉන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා පරාසරියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පාරාසරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M