ඛුද්දක නිකාය

ථේර ගාථා

2.5.8. වජ්ජිතත්ථේරගාථා

2.5.8. වජ්ජිත තෙරුන්ගේ ගාථා

215. සංසරං දීඝමද්ධානං ගතීසු පරිවත්තිසං
අපස්සං අරියසච්චානි අන්ධභූතෝ පුථුජ්ජනෝ

215. මං බොහෝ කලක් මුළුල්ලේ මේ සංසාරෙ සුගති දුගතිවල වැටි වැටී ඇවිද ගෙන ගියා. එහෙම වුණේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට බැරිව අන්ධබාල පෘථග්ජනයෙක් වෙලා හිටිය නිසා.

216. තස්ස මේ අප්පමත්තස්ස සංසාරා විනලීකතා
ගති සබ්බා සමුච්ඡින්නා නත්ථි දානි පුනබ්භවෝ’ති

216. අප්‍රමාදීව ධර්මයේ හැසිරුන නිසා සංසාරය නැති කරල දැම්මා. සුගති දුගති ඔක්කොම නැති කරල දැම්මා. දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් හැදෙන්නෙ නෑ.

ඉත්ථං සුදං ආයස්මා වජ්ජිතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් වජ්ජිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M