ඛුද්දක නිකාය

ථේර ගාථා

2.5.7. අනුපමත්ථේරගාථා

2.5.7. අනුපම තෙරුන්ගේ ගාථා

213. නන්දමානාගතං චිත්තං සූලමාරෝපමානකං
තේන තේනේව වජසි යේන සූලං කලිංගරං

213. මේ හිත මෙච්චර දුර ආවෙ භවයෙහි සතුටු වෙවී. දුක නැමති උලෙහි හිඳුවා තිබූ දෙයක් වගෙයි. මේ හිත, කිසිම අර්ථයක් නැති දුක නමැති හුල තියෙන්නෙ යම් තැනකද, එතනමයි මේ හිත ඇලෙන්නෙ.

214. තාහං චිත්තකලිං බ්‍රෑමි තං බ්‍රෑමි චිත්තදුබ්භකං
සත්ථා තේ දුල්ලභෝ ලද්ධෝ මානත්ථේ මං නියෝජයීති

214. ඒයි හිත, උඹ පව්කාරයෙක් කියලයි මං කියන්නෙ. මට ද්‍රෝහී වෙච්ච හිත කියලයි මං උඹට කියන්නෙ. ඉතාමත් දුර්ලභ වූ ශාස්තෘන් වහන්සේ දැන් උඹට මුණ ගැහුණා. දැන් ඉතින් උඹ මාව අයහපතෙහි යොදවන්ට එපා!

ඉත්ථං සුදං ආයස්මා අනුපමෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් අනුපම නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M