☰
211. ඒ මොණරුන්ගේ බෙල්ල නිල් පාටයි. ලස්සන පිල් කලඹක් තියෙනවා. හොටත් ලස්සනයි. ඒ මොණරු ලස්සනට නාද කරනවා. මේ පොළොව පවා තණ කොළවලින් වැහිලා තියෙන්නේ. ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකත් හරි අගෙයි. අහසේ තියෙන වළාකුළුත් ලස්සනයි.
212. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයත් මේ වගේ තමයි. ඒ නිසා ධ්‍යාන වඩන්න. සම්බුදු සසුනක පිහිටල කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්ට තියෙන එක කොයිතරම් හොඳද. දැකීමට දුෂ්කර වූ ඒ සුදෝ සුදු අමා නිවන සිතින් ස්පර්ශ කරන්නට ඕනෙ.
මෙය වනාහී ආයුෂ්මත් චූළක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M