ඛුද්දක නිකාය

ථේර ගාථා

2.5.5. විසාඛපඤ්චාලපුත්තත්ථේරගාථා

2.5.5. විසාඛපඤ්චාලපුත්ත තෙරුන්ගේ ගාථා

209. න උක්ඛිපේ නෝ ච පරික්ඛිපේ පරේ
න ඔක්ඛිපේ පාරගතං න ඵරයේ
න චත්තවණ්ණං පරිසාසු බ්‍යාහරේ
අනුද්ධතෝ සම්මිතභාණී සුබ්බතෝ

209. එයා තමන් ව හුවා දක්වන කෙනෙක් නොවේ. අනුන්ව හෙලා දමන්නෙත් නෑ. රහතන් වහන්සේලා එක්ක ගැටෙන්ට යන්නෙත් නෑ. පිරිස මැද තමන්ගෙ ගුණ කියන්නෙත් නෑ. චපල කෙනෙකුත් නොවේ. ප්‍රමාණය දැනගෙනයි කතා කරන්නෙ. යහපත් පැවැත්මක් තියෙන්නෙ.

210. සුසුඛුමනිපුණත්ථදස්සිනා
මතිකුසලේන නිවාතවුත්තිනා
සංසේවිතවුද්ධසීලිනා
නිබ්බානං න හි තේන දුල්ලභන්ති

210. වැඩිහිටි පැවිදි උතුමන් ධර්මයට කීකරුයි. ඉතා සූක්ෂම වූ නිපුණ වූ සද්ධර්මයේ අර්ථ දන්නවා. ප්‍රඥාව ඇති කර ගැනීමටත් දක්ෂයි. ඒ උතුමන් ඇසුරු කරන භික්ෂුවකට අමා නිවන ලැබීම දුර්ලභ දෙයක් නොවේ.

ඉත්ථං සුදං ආයස්මා විසාඛෝපඤ්චාලපුත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් විසාඛපඤ්චාලපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M