ඛුද්දක නිකාය

ථේර ගාථා

2.5.9. සන්ධිතත්ථේරගාථා

2.5.9. සන්ධිත තෙරුන්ගේ ගාථා

217. අස්සත්ථේ හරිතෝකාසේ සංවිරූළ්හම්පි පාදපේ
ඒකං බුද්ධගතං සඤ්ඤං අලභිත්ථං පතිස්සතෝ

217. ඒ ඇහැටු ගස තද කොළ පාට පත්‍ර හොඳින් වැඩුණු ගහක්. ඉතින් මං ඒ ගස් සෙවණෙ තමයි භාවනා කළේ. බුද්ධානුස්සති සඤ්ඤාව එතැනදි මං ඇති කරගත්තේ.

218. ඒකතිංසේ ඉතෝ කප්පේ යං සඤ්ඤමලභිං තදා
තස්සා සඤ්ඤාය වාහසා පත්තෝ මේ ආසවක්ඛයෝ’ති.

218. මීට කල්ප තිස් එකකට කලින් මං දියුණු කරල තියෙන්නෙ බුද්ධානුස්සති සඤ්ඤාවයි. ඉතින් ඒ භාවනාවම මුල් කර ගෙන අරහත්වයට පත්වෙන්ට මට පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා සන්ධිතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් සන්ධිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

වග්ගෝ පඤ්චමෝ.

පස්වෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

කුමාරකස්සපෝ ථේරෝ ධම්මපාලෝ ච බ්‍රහ්මාලි
මෝඝරාජා විසාඛෝ ච චූළකෝ ච අනූපමෝ
වජ්ජිතෝ සන්ධිතෝ ථේරෝ කිලේසරජවාහනෝ‘ති.

ගාථා දුකනිපාතම්හි නවුති චේව අට්ඨ ච
ථේරා එකූනපඤ්ඤාසං භාසිතා නයකෝවිදා‘ති.

දුක නිපාතෝ නිට්ඨිතෝ.

ගාථා දෙක බැගින් වදාළ කොටස නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M