ඛුද්දක නිකාය

ථේර ගාථා

2.5.1. කුමාරකස්සපත්ථේරගාථා

2.5.1. කුමාරකස්සප තෙරුන්ගේ ගාථා

201. අහෝ බුද්ධා අහෝ ධම්මා අහෝ නෝ සත්ථු සම්පදා
යත්ථ ඒතාදිසං ධම්මං සාවකෝ සච්ඡිකාහිසි

201. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි! මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්යයි! ශාස්තෘ සම්පත්තිය ආශ්චර්යයි! එනිසාමයි ශ්‍රාවකයන්ට මේ ආශ්චර්යවත් ධර්මය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන්නේ.

202. අසංඛෙය්‍යේසු කප්පේසු සක්කයාධිගතා අහූ
තේසමයං පච්ඡිමකෝ චරිමෝ යං සමුස්සයෝ
ජාතිමරණසංසාරෝ නත්ථි දානි පුනබ්භවෝ’ති.

202. මේ පංච උපාදානස්කන්ධ ජීවිතය අසංඛෙය්‍ය කල්ප ගණනක් තිස්සේම මට ලැබිච්ච එකක්. ඒ ජීවිත අතරින් මේ ජීවිතේ විතරයි අවසාන ජීවිතය වුණේ. මේක මගේ අන්තිම සිරුර. ඉපදෙන මැරෙන සංසාරය හැදෙන පුනර්භවයක් නම් මට ආයෙමත් නෑ.

ඉත්ථං සුදං ආයස්මා කුමාරකස්සපෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් කුමාරකස්සප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M