ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.10. කප්පටකුරත්ථේරගාථා

2.4.10. කප්පටකුර තෙරුන්ගේ ගාථා

199. අයමිති කප්පටෝ කප්පටකුරෝ අච්ඡාය අතිභරිතාය
අමතඝටීකායං ධම්මකතමත්තෝ කතපදං ඣානානි ඕචේතුං

199. මේ කප්පටකුර භික්ෂුව තවමත් හිතන්නෙ පරණ රෙදි කෑලි ගැන. පිරී ඉතිරී ගිය අමා තොටක් ළඟයි මෙයා ඉන්නෙ. මෙයාගෙ මහණකම තවම තියෙන්නෙ නමට විතරයි. ඒ වුණාට මෙයාට හොඳින් පුළුවන්කම තියෙනවා ධ්‍යාන ඇති කරගන්ට.

200. මා ඛෝ ත්වං කප්පට පචාලේසි
මා තං උපකණ්ණකම්හි තාළෙස්සං
නහ ත්වං කප්පට මත්තමඤ්ඤාසි
සංඝමජ්ඣම්හි පචලායමානෝ’ති.

200. පින්වත් කප්පටකුර, ඔය විදිහට නිදාගන්න නම් ලෑස්ති වෙන්න එපා! ඔය කම්මුලට මේ අතින් පහර නොවැදේවා! පින්වත් කප්පට, මේ උතුම් ශ්‍රාවක සඟ පිරිස මැද නින්ද යන ඔබ නින්දේ ප්‍රමාණයවත් දන්නෙ නෑ.

ඉත්ථං සුදං ආයස්මා කප්පටකුරෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් කප්පටකුර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

වග්ගෝ චතුත්ථෝ.

හතරවෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

මිගසිරෝ සීවකෝ ච උපවානෝ ච පණ්ඩිතෝ
ඉසිදින්නෝ ච කච්චානෝ ඛිතකෝ ච මහාවසි
සේලිස්සරියෝ නිසභෝ ච උසභෝ කප්පටකූරෝ‘ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M