ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.7. සේලිස්සරියත්ථේරගාථා

2.4.7. සේලිස්සරිය තෙරුන්ගේ ගාථා

193. න තාව සුපිතුං හෝති රත්තිං නක්ඛත්තමාලිනී
පටිජග්ගිතුමේවේසා රත්ති හෝති විජානතා

193. තරු මල් මාලාවලින් බැබලෙන මේ සුන්දර රාත්‍රියෙ තවමත් නිදාගන්ට කාලයක් නෑ. ජීවිතේ සැබෑ තත්වය දකින උදවියට නොනිදා භාවනා කිරීමටයි මේ රාත්‍රිය සුදුසු.

194. හත්ථික්ඛන්ධාවපතිතං කුඤ්ජරෝ චේ අනුක්කමේ
සංගාමේ මේ මතං සෙය්‍යෝ යං චේ ජීවේ පරාජිතෝ’ති

194. එදා මාව ඇතා පිටින් වැටිච්ච වෙලාවෙ ඒ ඇතා මාව පාගල දැම්ම නම් අද මං නෑ. ඒ වුණත් මේ කෙලෙස් යුද්ධයෙන් පැරදිලා ජීවත් වෙනවාට වඩා මැරෙන එක මට උතුම්.

ඉත්ථං සුදං ආයස්මා සේලිස්සරියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් සේලිස්සරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M