ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.6. ඛිතකත්ථේරගාථා

2.4.6. ඛිතක තෙරුන්ගේ ගාථා

191. කස්ස සේලූපමං චිත්තං ඨිතං නානූපකම්පති
විරත්තං රජනීයේසු කුප්පනීයේ න කුප්පති
යස්සේවං භාවිතං චිත්තං කුතෝ තං දුක්ඛමෙස්සති

191. කාගෙ හිත ද කම්පා නොවී තියෙන්නෙ ගල් පර්වතයක් වගේ? කාගෙ හිත ද රාග අරමුණුවල ඇලෙන්නෙ නැත්තෙ? කාගෙ හිත ද ද්වේෂ සහගත අරමුණු ඉදිරියේ තරහක් නැතිව තියෙන්නෙ? ධර්මය තුළ සිත දියුණු කරගෙන අන්න ඒ විදිහට හිත පත් කරගෙන නම් ඉන්නෙ, එයා කරා දුකක් පැමිණෙන්නෙ කොහොමද?

192. මම සේලූපමං චිත්තං ඨිතං නානූපකම්පති
විරත්තං රජනීයේසු කුප්පනීයේ න කුප්පති
මමේවං භාවිතං චිත්තං කුතෝ මං දුක්ඛමෙස්සතී’ති.

192. මගේ හිතත් ගල් පර්වතයක් වගෙයි. අකම්පිතයි. මගේ හිතත් රාග අරමුණුවලට ඇලෙන්නෙ නෑ. මගේ හිතත් කෝප අරමුණුවලට කිපෙන්නෙ නෑ. මගේ හිත මේ විදිහට පත්වෙනකම්ම ධර්මය තුළමයි හිත දියුණු කළේ. ඉතින් මං කරා දුකක් පැමිණෙන්නෙ කොහොමද?

ඉත්ථං සුදං ආයස්මා ඛිතකෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් ඛිතක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M