ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.5. සම්බුලකච්චානත්ථේරගාථා

2.4.5. සම්බුලකච්චාන තෙරුන්ගේ ගාථා

189. දේවෝ ච වස්සති දේවෝ ච ගළගළායති
ඒකකෝ චාහං භේරවේ බිලේ විහරාමි
තස්ස මය්හං ඒකකස්ස භේරවේ බිලේ විහරතෝ
නත්ථි භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා

189. වැස්ස වහිනවා. එතකොට වැස්ස ගලාගෙන යන්නෙ. ‘ගල ගල’ කියන හඬින්. ඒ භයානක ගල් ගුහාවේ මං තනිවමයි ඉන්නෙ. භයානක ගුහාවක මං තනිවම හිටියත් මගේ හිතට කිසි බියක් නෑ. තැති ගැනීමක් නෑ. ලොමු දහ ගැනීමක් නෑ.

190. ධම්මතා මම සා යස්ස මේ
ඒකකස්ස භේරවේ බිලේ
විහරතෝ නත්ථි භයං වා
ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා ති

190. මේ භයානක ගුහාවේ තනිවම ඉන්න මට කිසිම බියක් නැත්තෙ, තැති ගැනීමක් නැත්තෙ, ලොමු දහ ගැනීමක් නැත්තෙ, ඒක මගේ ධර්මතාවයක්.

ඉත්ථං සුදං ආයස්මා සම්බුලකච්චානෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් සම්බුලකච්චාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M