ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.4. ඉසිදින්නත්ථේරගාථා

2.4.4. ඉසිදින්න තෙරුන්ගේ ගාථා

187. දිට්ඨා මයා ධම්මධරා උපාසකා
කාමා අනිච්චා ඉති භාසමානා
සාරත්තරත්තා මණිකුණ්ඩලේසු
පුත්තේසු දාරේසු ච තේ අපෙක්ඛා

187. ‘මේ කාමයන් කියල කියන්නේ අනිත්‍ය දේවල්’ කියල කිය කියා ඉන්න ධර්මධර උපාසක උන්නැහේලව මං දැකල තියෙනවා. ඒ වුණාට ඒ උපාසකවරු මුතු මැණික්වලින් හදපු ආභරණ ගැනත් අඹු දරුවන් ගැනත් ඇලි ඇලී ඉඳගෙන ඒවාමයි පතාගෙන ඉන්නෙ.

188. අද්ධා න ජානන්ති යථාව ධම්මං
කාමා අනිච්චා ඉති චාපි ආහු
රාගං ච තේසං න බලත්ථි ඡෙත්තුං
තස්මා සිතා පුත්තදාරං ධනඤ්චා’ති.

188. ඇත්තෙන් ම ඒ උපාසක උන්නැහේල ධර්මය ගැන ඒ ආකාරයෙන්ම දන්නෙ නෑ. ‘මේ කාමයන් කියලා කියන්නෙ අනිත්‍ය දේවල්’ කියල කිය කියා හිටියට රාගය නැති කර දමන්ට ඔවුන්ට ශක්තියක් නෑ. ඒ නිසාමයි ඒගොල්ල ඔය අඹුදරුවන් එක්කත්, දේපල වස්තුව එක්කත් එකතු වෙලා ඉන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා ඉසිදින්නෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් ඉසිදින්න නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M