ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.3. උපවානත්ථේරගාථා

2.4.3. උපවාන තෙරුන්ගේ ගාථා

185. අරහං සුගතෝ ලෝකේ වාතේහාබාධිතෝ මුනි
සචේ උණ්හෝදකං අත්ථි මුනිනෝ දේහි බ්‍රාහ්මණ

185. ලෝකයේ අරහත් වූ, සුගත වූ අපගේ මුනිඳාණන් වාතය කිපීමෙන් ගිලන්වයි වැඩසිටින්නේ. පින්වත් බ්‍රාහ්මණ, ඉදින් උණු දිය තියෙනවා නම්, අපගේ මුනිඳාණන් උදෙසා අපට දුන මැනව.

186. පූජිතෝ පූජනීයානං සක්කරෙය්‍යාන සක්කතෝ
අපචිතෝපචනීයානං තස්ස ඉච්ඡාමි හාතවේ’ති.

186. ඒ අපගේ මුනිඳාණෝ පූජනීය උතුමන් විසින් පුදන ලද සේක. සත්කාර ලබන උතුමන් විසින් සත්කාර කරන ලද සේක. වැඳුම් ලබන උතුමන් විසින් වඳින ලද සේක. උන්වහන්සේගේ සුවපත්භාවය ගැන මා හරි කැමැත්තෙන් ඉන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා උපවානෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උපවාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M