ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.2. සීවකත්ථේරගාථා

2.4.2. සීවක තෙරුන්ගේ ගාථා

183. අනිච්චානි ගහකානි තත්ථ තත්ථ පුනප්පුනං
ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං

183. ඒ ඒ භවය තුළ යළි යළිත් හැදෙන මේ සංසාර නිවස නම් අනිත්‍යයයි. මේ සංසාර නිවස හදන තැනැත්තා සොයා ගන්ට ඕන. ආයෙමත් ඉපදෙන්ට සිදුවීම දුකක්මයි.

184. ගහකාරක දිට්ඨෝසි පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා ථූණිකා ච විදාළිතා
විමරියාදීකතං චිත්තං ඉධේව විධමිස්සතී’ති

184. සංසාර නිවස හදන තැනැත්ත, මං නුඹව හඳුනා ගත්තා. මං වෙනුවෙන් ආයෙමත් නිවසක් හදන්ට නුඹට පුළුවන්කමක් නෑ. නුඹ හැදූ නිවසේ සියලු පරාල මං වනසා දැම්මා. මුදුන් ලීය පලා දැම්මා. කෙලෙස් තාප්පය කඩා බිඳ දැම්මා. මේ ජීවිතේ තුළදී ඔක්කොම අවසන් වෙලා යනවා.

ඉත්ථං සුදං ආයස්මා සීවකෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සීවක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M