ඛුද්දක නිකාය

ථේර ගාථා

2.4.1. මිගසිරත්ථේරගාථා

2.4.1. මිගසිර තෙරුන්ගේ ගාථා

181. යතෝ අහං පබ්බජිතෝ සම්මාසම්බුද්ධසාසනේ
විමුච්චමානෝ උග්ගච්ඡිං කාමධාතුං උපච්චගං

181. සම්මා සම්බුදු සසුනේ මා මහණ වෙච්ච දවසෙ ඉඳලා කෙලෙස් වලින් නිදහස් වෙමින් නැගී හිටියා. කාම ධාතුව ඉක්මවා ගියා.

182. බ්‍රහ්මුනෝ පෙක්ඛමානස්ස තතෝ චිත්තං විමුච්චි මේ
අකුප්පා මේ විමුත්තීති සබ්බසංයෝජනක්ඛයා’ති.

182. සතර බ්‍රහ්ම විහරණ ඇති ඒ බුදු සමිඳාණන් මා දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මගේ සිත කෙලෙස්වලින් නිදහස් වුණා. මගේ විමුක්තිය වෙනස් වෙන එකක් නොවේ. සියලු භව බන්ධනයන් නැති වෙලා ගියා.

ඉත්ථං සුදං ආයස්මා මිගසිරෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මිගසර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M