ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.10. කණ්හදින්නත්ථේරගාථා

2.3.10. කණ්හදින්න තෙරුන්ගේ ගාථා

179. උපාසිතා සප්පුරිසා සුතා ධම්මා අභිණ්හසෝ
සුත්වාන පටිපජ්ජිස්සං අඤ්ජසං අමතෝගධං

179. සත්පුරුෂ උතුමන් ඇසුරු කරන්ට මටත් ඉඩ ලැබුණා. හැම තිස්සෙම බණ අසන්ටත් ලැබුණා. අසා දැනගත්තු ඒ උතුම් ධර්මය අනුව ජීවත් වන නිසා මේ නිවන් මගට පැමිණුනා.

180. භවරාගහතස්ස මේ සතෝ භවරාගෝ පුන මේ න විජ්ජති
න චාහු න ච මේ භවිස්සති න ච මේ ඒතරහිපි විජ්ජතී’ති.

180. සිහි නුවණින්මයි දැන් මා ඉන්නේ. ඉපදෙන්ට තිබෙන ආශාව නැති කරල දැම්මා. මා තුළ ආයෙමත් ඒ භවරාගය හටගන්නේ නෑ. සද්ධර්මය අවබෝධ කරගත්තු දවසේ ඉඳලා ඒ කෙලෙස් මට නෑ. මං දන්නවා. අනාගතයේ හටගන්නෙත් නෑ. දැනුත් එය මට නෑ.

ඉත්ථං සුදං ආයස්මා කණ්හදින්නෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් කණ්හදින්න නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

වග්ගෝ තතියෝ.

තුන්වෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

උත්තරෝ භද්දජිත්ථේරෝ සෝභිතෝ වල්ලියෝ ඉසි
වීතසෝකෝ ච යෝ ථේරෝ පුණ්ණමාසෝ ච නන්දකෝ
භරතෝ භාරද්වාජෝ ච කණ්හදින්නෝ මහාමුනී’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M