ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.9. භාරද්වාජත්ථේරගාථා

2.3.9. භාරද්වාජ තෙරුන්ගේ ගාථා

177. නදන්ති ඒවං සප්පඤ්ඤා සීහාව ගිරිගබ්භරේ
වීරා විජිතසංගාමා ජෙත්වා මාරං සවාහිනිං

177. මුනිවරුන් කියලා කියන්නේ කඳු අතරේ ගුහාවල නද දෙන සිංහයන් වගේ පිරිසක්. උන්වහන්සේලා ප්‍රඥාවන්තයි. වීරියවන්තයි. සේනා සහිත මාරයාව පරදවා දැම්මා. කෙලෙස් සටනින් ජයගත්තු නිසයි සිංහනාද කරන්නේ.

178. සත්ථා ච පරිචිණ්ණෝ මේ ධම්මෝ සංඝෝ ච පූජිතෝ
අහං ච චිත්තෝ සුමනෝ පුත්තං දිස්වා අනාසවන්ති

178. ශාස්තෘන් වහන්සේව ඉතා යහපත් ලෙස ඇසුරු කරන්ට මටත් පුළුවන් වුණා. ධර්මයට ද, සඟරුවනට ද ගෞරව දක්වන්ට පුළුවන් වුණා. කෙලෙස් නැති ශ්‍රාවක පුත්‍රයන් දකින කොට හිතට දැනෙන්නේ නිරාමිස ප්‍රීතියක්.

ඉත්ථං සුදං ආයස්මා භාරද්වාජෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් භාරද්වාජ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M