ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.8. භරතත්ථේරගාථා

2.3.8. භරත තෙරුන්ගේ ගාථා

175. ඒහි නන්දක ගච්ඡාම උපජ්ඣායස්ස සන්තිකං
සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා

175. පින්වත් නන්දක, එන්න. අපි යමු උපාධ්‍යායන් වහන්සේ ළඟට. අපගේ උපාධ්‍යායන් වහන්සේ වන ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳුන් ළඟට යමු. ඒ සමිඳාණන් ඉදිරියේ අපි සිංහනාද පවත්වමු.

176. යාය නෝ අනුකම්පාය අම්හේ පබ්බාජයී මුනි
සෝ නෝ අත්ථෝ අනුප්පත්තෝ සබ්බසංයෝජනක්ඛයෝ’ති.

176. අපගේ මුනිඳාණන් අනුකම්පා උපදවා ගෙන අපව මහණ කොට වදාළේ උතුම් දෙයක් ලබාදෙන්ටමයි. ඉතින් අපිට ඒ උතුම් දෙය හම්බ වුණා. සංසාරෙට බැඳිච්ච සියළු බන්ධන නැතිවෙලා ගියා.

ඉත්ථං සුදං ආයස්මා භරතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් භරත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M